ආපදා තත්ත්වයන්ට පූර්ව සූදානම් වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත ඍජු නියෝග ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් 25ම ආවරණය කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලිකව දිස්ත්‍රික් කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක හා ඊට තාක්ෂණික සහාය දක්වන භූ විද්‍යා හා පතල් කාර්යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතන ක්‍රියාකරනු ලබයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහන සේවා නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබයි.
හදිසි ආපදා තත්ත්වයන්ගෙන් වැළකී ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය පියවර මෙන්ම යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ද, එම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වා ගනිමින් අවශ්‍ය සහන වැඩපිළිවෙළ කඩිනමන් ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය සහාය ලබාදීම වෙනුවෙන් සියළු රේඛීය අමාත්‍යාංශ දැනුවත් කර ඇත.
එසේම ආපදා තත්ත්වයක් දැනුවත් කිරීම සම්බන්ධයෙන් 117 දුරකථන අංකය පැය විසිහතරම සක්‍රීය කර ඇත.
ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) පැය විසිහතරම සක්‍රියව පවත්වා ගැනීමට ද මේ වන විට කටයුතු යොදා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදාවට ලක්වන පුද්ගලයන්ට ආහාර පාන හා වෙනත් පහසුම් ලබාදීම මෙමඟින් සිදු කෙරේ.







