දිනසේන රතුගමගේ –
මුලතිව් ඔට්ටිසුඩාන් ඔතියමලේ ප්‍රදේශයේ කුඹුරු හිමි කාන්තාවක් විදුලි සැර යොද වන අලියෙකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔට්ටිසුඩාන් පොලීසිය විසින් ඊයේ (16 ) අත් අඩංගුවට ගෙන තිබේ.
විදුලි සැර වැදීම නිසා මියගොස් සිටි අවුරුදු 8 ක් පමණ වයස වන අලියගේ සිරුර සැක කටයුතු කාන්තාවගේ කුඹුරේදීම මුලතිව් වන ජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
වන ජීවී නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කොට ඒ සම්බන්ධයෙන් ඔට්ටුසුඩාන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය වයස අවුරුදු 46 ක එම කාන්තාව අත් අඩංගුවට ගෙන තිබේ.
ඔට්ටිසුඩාන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යන අතර අදාල කාන්තාව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







