දිනසේන රතුගමගේ
-
යුද්ධ කාලෙදිවත් අවුරුද්දකට ළමයි මේ තරම් මිය ගිහින් නැහැ….
-
ඉතිහාසයේ වැඩිම ළමා මරණ වාර්තා වන්නේ පසුගිය අවුරුද්දේ… මෙතෙක් වැඩිම ළමා මරණ වාර්තා වූ 2015ට වඩා දෙගුණයකට ආසන්න මරණ වාර්තා වෙලා….
2021 වසරේදී වවුනියාව මහ රෝහලේදී දරුවන් 73 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරික්ෂණයක් ආරම්භ කොට තිබේ.
වවුනියාව මහ රෝහලේ සංඛ්‍යා ලේඛන වලට අනුව ඊට පෙර වැඩිම දරුවන් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ 2015 වසරේවන අතර එම සංඛ්‍යාව 46 කි.
වසර 30 පැවති දරුණු යුද සමයේදී පවා වවුනියාව මහ රෝහලෙන් මෙතරම් ඉහළ සංඛ්‍යාවක් දරුවන් මියගොස් නොමැති අතර යාපනය ශීක්ෂණ රෝහලෙන් හැර උතුරේ අනෙක් සියලුම රෝහල් වල රෝගීන් යුද සමයේදී ඇතුළත් කළේ ද වවුනියාව මහ රෝහලටය.
2021 වසරේ වවුනියාව මහ රෝහලෙන් දරුවන් 73 ක් මියයාමේ සිද්දීන්ට අදාලව සිද්ධීන් 4 කදි දෙමව්පියන් නඩු පවරා ඇති අතර තවත් සිද්ධීන් 6 ක්සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙස දෙමව්පියන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

එම පැමිණිලි වල දෙමව්පියන් සදහන් කොට ඇත්තේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා එම දරුවන් මියගොස් ඇති බවයි.







