අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අල්ලස් ඉල්ලූ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුඹුරු ඉඩම් ගොඩකිරීමේ සහතිකයක් ලබාදීමට නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු අල්ලස් කොමිසමට දන්වා ඇත්තේ තමන් රුපියල් 1000ක් ගෙවා ඇති බවයි.
අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනා එම අල්ලස් මුදල ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







