රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට කඩා වැදී වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකට පහරදීම සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාරතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනා අද (07) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට පිටතින් පැමිණ ඇතුළු වූ පිරිසක් පසුගිය පළමු වෙනිදා සිදුකළ මෙම ප්‍රහාරයෙන් ශිෂ්‍යයන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.
ප්‍රහාරයට පැමිණි අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයාත් සිසු පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔහුව කැඳවූ වෛද්‍ය ශිෂ්‍යයාත් ඇතුළු හය දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදුව 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද සිල්වා නියෝග කර තිබිණි.







