එක්සත් අරාබි එමිර් රාජ්‍යයට සහ ඕමානයට රැකියා සඳහා යන කාන්තාවන් සඳහා වූ විදේශ රැකියා නියෝජිත ආයතන මගින් කළ යුතු වූ ලියාපදිංචි වීම අද (11) සිට යළි දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව එම කාර්යාංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපාට අනුව පසුගියදා ඔම්නායේ රැකියා සඳහා යන කාන්තාවන් ලිංගික කාර්යයන් සඳහා අලෙවි කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු මත අදාළ පියවර ගන්නා තෙක් මේ තීරණය ගෙන ඇති බවයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත රැකියා හා පිරිසිදු කිරීමේ රැකියා සඳහා කාන්තාවන් ලියාපදිංචිය, කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා යාමේ ලියාපදිංචිය තාවකාලික ව අත්හිට වූ බව ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
විදේශ රැකියා නියෝජිතායතන මඟින් දින 45 ක් ඇතුළත රැකියා සඳහා මෙරටින් පිටව යන අයගේ විස්තර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලබාදිය යුතුව තිබුණ ද, ඇතැම් ආයතන ඒ පිළිබඳව විස්තර ලබානොදීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගෙන මෙම ලියාපදිංචි කිරීම් මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
ගෘහ සේවය ඇතුළු රැකියා සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සඳහා අලෙවිකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබිණි.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් පරීක්ෂණ සිදුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක වීසා භාවිතා කරමින් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන තරුණියන් සහ කාන්තාවන් එරටට රැගෙන ගොස් ඇති බවය.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති ආකාරයට එරට රැකියා නියෝජිත ආයතනයේදී කාන්තාවන් පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවය.
මේ කතාවත් කියවන්න…
ඕමානයේ ගෘහසේවයට රැගෙන යන කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් සී.අයි.ඩි ය හෙළි කර ගනී…







