දිනසේන රතුගමගේ –
උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හත් දෙනෙකුට වසර දහයක අත් හිට වූ සිර දඩුවමක් යාපනය අධිකරණය මගින් ඊයේ ( 10 ) නියම කොට එම ධීවරයින් හත් දෙනා නිදහස් කොට තිබේ.
මෙම ධීවරයින් හත් දෙනා හා ඔවුන් පැමිණි යාත්‍රාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ මේ වසරේ පසුගිය ඔක්තෝබර් මස 26 වෙනිදාය.
ඉන්දියාවේ නාගපට්ටන ප්‍රදේශයේ සිට මසුන් මැරීම සඳහා උතුරු මුහුදු සීමාවට පැමිණි මෙම ධීවරයින් අධිකරණයේදී වරද පිළිගත් අතර ඔවුන් මින් ඉදිරියට උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ නිරත වුවහොත් වසර දහයක අත් හිට වූ හිර දඩුවම ක්‍රියාත්මක කරණ බව යාපනය මහේස්ත්‍රාත්වරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසීය.
ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රාව රාජ සන්තක කෙරුණු අතර නිදහස ලබා දුන් ධීවරයින් හත් දෙනා ආපසු ඉන්දියාවට යැවීම සඳහා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලය වෙත බාර දෙන ලදී.