අරලියගහමන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම“ පිහිටුවීමට ගිය උද්ඝෝෂකයන් පිරිසක් LG -1406 දරන කුරුඳුවත්ත පොලිසියට අයත් පොලිස් ට්‍රක් රථයෙන් යටකර දැමීමට උත්සාහ කළ බව එම උද්ඝෝෂකයෝ චෝදනා කරති.
ඔවුන් කීවේ පොලිස් නිලධාරීන් පනහකට වැඩි ප්‍රමාණයක් බලාගෙන සිටද්දී එම පොලිස් ට්‍රක් රථයට නැගුණු සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙක් ට්‍රක් රථය පසුපසට ධාවනය කර අරගලකරුවන් අනතුරකට පත්කිරීමට උත්සාහ කළ බවය. ඉන් අනතුරුව මෙම පුද්ගලයා පොලිසිය බලාගෙන සිටියදීම රථයෙන් බැස පලා ගිය බව අරගලකරුවෝ ස්වකීය ට්විටර් ගිනුම් ඔස්සේ ප්‍රචාරය කළහ.
මේ සම්බන්ධව කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් ද කළ බව ඔවුහු කියා සිටියහ.
UPDATE: අරලියගහ මන්දිරයේ ගාලු පාරේ පිවිසුම අසළ සිදුවූයේ කුමක්ද? (1/2) #GoHomeGota2022 #GoHomeRajapakshas #SriLankaCrisis https://t.co/CO6PRTowAG pic.twitter.com/D0nAXYCsSu
— Shane Priyawickrama (@SPriyawickrama) April 25, 2022
ගෝඨාගෝගම ව්‍යාපෘතිය දියත් කරමින් අරලියග මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳීමට විරෝධතා කරුවන් පිරිසක් කරන උත්සාහය වැලැක්වීමට පොලිසිය විසින් උසාවි නියෝගයක් ලබා ගැනීමට ඊයේ ( 25) උත්සාහ කළේය.
කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට අනවශ්‍ය ලෙස ජනතාව හෝ විරෝධතාකරුවන් රැස්වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසට කොල්ලුපිටිය පොලිසිය කළ එම ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (25) ප්‍රතික්ෂේප කළේය.
ඉල්ලීම ප්රතික්ෂ්ප කරමින් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස් මහජන පීඩාවක් සිදුවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පොලිස් බලතල යටතේ කි‍්‍රයාත්මකවීමට පොලිසියට හැකියාව තිබෙන බවය.
පොලිසිය අධිකරණයට දැනුම්දී තිබුණේ මෙම උද්ඝෝෂණ කි‍්‍රයාවලියේ නිරත පිරිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගතවී ඇති බවත් පදික වේදිකාවේ ගමන් ගන්නා පිරිසට ඉන් පීඩාවක් සිදුවී ඇති බවත්ය.
පොලිස් ට්‍රක් රථයකින් තමන් යටකිරීමට උත්සාහ කළ බව අරගලකරුවන් චෝදනා කරන්නේ උසාවි නියෝගය නොලැබීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් තමන් සාමකාමී උද්ඝෝෂණය කරන භූමිය දෙපස පදික වේදිකාව අවහිරවන සේ බස් රථ පෙළක් නවත්වා පොලිසිය පදිකයින්ට බාධා ඇතිකර තිබෙන අන්දම අරගලකරුවෝ පෙන්වා දුන්හ.







