ශිරාන් රණසිංහ –
විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීමට ලංවිම කර තිබෙන ඉල්ලීමට ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යේෂඨ නිලධාරියෙක් මෙම වැඩිවීම තහවුරු කළ බව දිවයින වාර්තා කරයි.
උක්ත මිල වැඩිවීමත් සමග ඇතැම් විදුලි ගාස්තු තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩිවීමට නියමිත බව ඔහු පෙන්වා දුන්නේය.







