අරගලයට නායකත්වය දුන් සෑම පුද්ගලයෙක් සම්බන්ධවම සියලු තොරතුරු සොයා ලේඛණගත කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
අරගලකරුවන් බලාපොරොත්තු නොවන ආකාරයේ දැඩි මර්ධනයක් සඳහා සියල්ල සැකසෙමින් ඇති ආකාරය පිළිබඳව වාර්තා වෙමින් ඇත.
මේ සමස්ථය සම්බන්ධව වැඩබලන ජනාධිපතිවරයා ඉතා දැඩි නියෝගයක් ලබා දී ඇති බවත්, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අත්පත් කරගැනීමට මැදිහත් වූ සියලුම අරගල නායකයින්ගේ තොරතුරු එකතු කර පොදු දේපල පනත යටතේ සහ පුරවිද්‍යා ආඥා පනත යටතේ නඩු පවරා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ සූදානම්වන බවත් දැනගන්නට ඇත.
රූපවාහිනී සංස්ථාව හා ස්වාධීන රූපවාහිනී සේවය නතු කරගැනීමට උත්සාහ කළ පිරිස් අතර සැක කටයුතු හැසිරීම් සහිත පුද්ගලයින් සිට ඇතැයි විමර්ශන අංශ කියයි. ඔවුන් සම්බන්ධව විශේෂ විමර්ශන අරඹා ඇතැයි වාර්තා වේ.
මේ නඩු පවරන්නට සැරසෙන ආකාරයට අරගලය කුළු ගැන්වූ නීතිඥ සංගමය ඇතුළු කිසිම සිවිල් ආයතනයකට පවතින නෛතික රාමුව තුළ මැදිහත් වීමට ඉඩක් තබා නැති බව දැනගන්නට ඇත.







