අරගල භූමියේ දී පූජ්‍ය ගලකන්දේ ධම්මානන්ද හිමියන්ගේ දේශනාවක් අතරතුර හෙල්මට් දමා ගත් පුද්ගලයෙක් පැමිණ උන්වහන්සේගෙන් මයික්‍රොෆෝනය උදුරාගෙන ප්‍රචණ්ඩ ලෙස හැසිරීම අද විශේෂ සිදුවීමක් විය.
නැගිටින්න තේමාව යටතේ අතිශය කාලෝචිත දේශනාවක් කරමින් සිටි උන්වහන්සේ දේශනා කරමින් සිටියේ තුවාල වූ සමාජයක් ගැනය.
මෑත ඉතිහාසයේ වර්ෂ 1956 සිට වාර්ගික යුද්ධය අවසානය දක්වා වර්ග වර්ණ භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුවාල වූ ආකාරයය.
එම තුවාල සුපවත් කරගන්නා ආකාරය ගැන උන්වහන්සේ කියමින් සිටියහ. එසේ නොවන තාක්කල් සුවපත් නොවුණු මිනිස්සු සමාජය තුවාල කරන ආකාරය උන්වහන්සේ පහදා දුන්හ.
තුවාල කරුවන් සහිත රෝහලක් වැනි මේ කළු පාට සමාජය සුවපත් කළ හැකි ආකාරය ගැනත් එයට අඩිතාලම වැටී ඇති ආකාරය ගැනත් තමන්ට නපුරක් කළ පුද්ගලයෙකුට පවා නිවැරදි වීමට ඉඩක් සහිත විය යුතු ආකාරයත් උන්වහන්සේ කීහ.
ඒ දේශනාව නිමා කිරීමට ආසන්නයේ දී එක්වරම හෙල්මට් එක්ක සහිව වේදිකාවට ගොඩවුණු පුද්ගලයෙක් හාමුදුරුවන්ගෙන් මයික්‍රොෆෝනය උදුර ගත්තේය.
වෛරී ප්‍රකාශ රැසක් කියන්නට විය. සංවිධානය කරන තරුණ පිරිස් වහාම ඔහුව ඉවත් කළේය.
“ ඔබට තේරෙනවා ඇති අපි මොනතරම් තුවාල වුණු මිනිස්සු ද කියලා. කරුණාකරලා බෙදීම් ඇති කරගන්න එපා. මෙතනදිත් කිසිම පුද්ගලයෙක් සමග වෛරී බෙදීම් ඇතිවුනොත් අපට හෙටක් නැතිවේවි.“
උන්වහන්සේ කතාව හමාර කළහ. මේ එම වීඩියෝවය.







