අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

ක්‍රිකට් වළලා හදන පිච් එකේ ඩොලර් වලින් සෙල්ලම් කරන නල්ලමලේ පුහුණු කල්ලි!

by editor
අප්‍රේල් 30, 2022
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තාමත් ඇත්තේ බහින කලාවකය.

පසුගිය වකවානුවේ ජාත්‍යන්තර මට්ටමේ එය පැවැති තැන හා දැනට සිටින තැන ගැන අමුතුවෙන් කිව යුතුව නැත.

තිලංගගේ සිට ෂම්මි දක්වා පරිපාලනය සිදුවන්නේ සාමාජික ක්‍රීඩා සමාජ හා තමන්ට සහයෝගය දක්වන  ක්‍රීඩා සමාජ නිලධාරින් සන්තර්පනය කොට නිලවරණයේදී චන්දය ලබා ගැනීමේ තියරිය උඩය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර ක්‍රීඩා ඇමති නාමල්ගේ උවමනාව මත ෂම්මිලාගේ බලය ඉක්මවා යන බලතල සහිතව අරවින්ද ද සිල්වා ප්‍රමුඛ තාක්ෂණ උපදේශන කමිටුවක් පත් කරන ලද අතර ඊටත් උඩින් මහේල ජයවර්ධන කටයුතු කළේය.

දැන් ඒ උපදේශන කමිටුවද නැත. ඒ ක්‍රීඩා ඇමති දැන් නාමල් නොවන නිසාය.

ඒත් මහේල ජයවර්ධන තවමත් ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස වසර දෙකක කාලයකට පත් කරනු ලැබ සිටියි.

කවුරුත් හිතුවේ මහේල ස්වෙච්ඡා වෙන් වැඩ කරන්නට ආ බවයි.

එහෙත් ඔහු මේ වන විට ඩොලර් මගින් විශාල වැටුපක් ලබමින් අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන් පිලේ පුහුණුකරු ලෙස ඉන්දියාවට වී මාස කිහිපයක් සිටින බවත් වැඩි දෙනෙකු දන්නේ නැත.

මහේලගේ මාසික වැටුප ඩොලර් 18,000/= කි. මේ කාලයේ එය රුපියල් නම් හැට හතර ලක්ෂයකි.

මෙය දෙවෙනි වන්නේ ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ්ගේ වැටුපට පමණි.

ලෝක ශූරතා තරගාවලියේ මූලික තරග හා 19 න් පහළ තරගාවලියේ තරග සඳහා ද  සහභාගි වූ මහේල ඒ වෙනුවෙන් තවත් ඩොලර් 15,000 ක් ලබා ගත්තේය.

මහේල,සංගා හා මුරලිගේ උවමනාවට වසරකට දින සියයක වැඩ මුරයකට ගෙන්වා ගත් ටොම් මූඩිද ඒ වෙනුවෙන් ලබන වැටුප කෝටි ගණනකි.

මාස ගණනක් මූඩි හා මහේල එක්ව පුහුණුකරුවන් තේරීම සිදු කෙරුණු අතර නොබෝදා ජාතික, ඒ, නැගී එන හා 19 න් පහළ කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් 14 දෙනෙකු නම් කරන ලදී.

කාන්තා ක්‍රිකට් සඳහාද තවත් පුහුණුකරුවන් දහයක් පමණ සිටී.

මීට අමතරව අධි තාක්ෂණ අංශයේත් දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් ලෙස තවත් පුහුණුකරුවන් 50 ක් පමණ ක්‍රිකට් ආයතනයේ විශාල වැටුප් ලබමින් සේවය කරති.

නවසීලන්තයේ හෝ එංගලන්තයේවත් ක්‍රිකට් ආයතනයෙන් නඩත්තු කරන මෙතරම් පුහුණුකරුවන් පිරිසක් නොමැති නිසා ජාත්‍යන්තරව ක්‍රීඩාව සීරෝ වුවත් ක්‍රීඩකයන් පුහුණුකරන හීරෝ ලා නම් අපේ රටේ එමටය.

අලුතින් තෝරා ගෙන ඇති පුහුණුකරුවන් හා උසස් කොට ඇති ඇතැම් පුහුණුකරුවන් මහේලගේ හා අරවින්දගේ  ගජ මිතුරන්‍ ය.

හයි පර්ෆෝමන්ස් හෙවත් අධ් තාක්ෂණය භාරව සිටින ඕස්ට්‍ර්‍ර්ලියානු ජාතික  ටිම් මැකාක්ස්කිල් ද දෙවසරක දිගුවක් ලබා ගෙන ඇත්තේ මසකට ඩොලර් 14,000 ක වැටුප් වර්ධකයක්ද සමගය.

මීට අමතරව ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 26 ක තවත් පුහුණුකරුවන් 50 ක්වත් සිටී.

ලොව වැඩිම පුහුණුකරුවන් සිටින රට ලංකාව බව සමීක්ෂණයක් කළොත් සොයා ගත හැකිය.

ඉහළ වැටුප් ලබන මෙතරම් පුහුණුකරුවන් පිරිසක් සිටියදී තවත් නම් අපේ ක්‍රිකට් තව දුරටත්  සීරෝ ලෙවල් විය නොහැකිය.

පිට පිටම තරග අටක් පැරදුන ද  මහේල තවමත් ලොව අංක එකේ පුහුණුකරු ලෙස හඳුන්වනු ලබයි.

එනිසා 2022 වසර ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ වසරක් වනු ඇතැයි බලාපොරොත්තු ඇති කර ගනිමු.

නියුට්‍රල් අම්පයර් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලබිමේ දී ගල්කන්දේ හිමියන්ගේ දේශනය මැද පිස්සු කෙළිය හෙල්මට් කාරයා…

Next Post

බලශක්ති ඇමති වර්ජනයේ නියත පුද්ගලික ටැංකිරථ හිමියන්ට උත්තර දෙයි…   ආවෙ නැතිනම් ලියාපදිංචි අවලංගුයි!

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.