කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවේ යෙදුණු අරගලකරුවන් කොටසක් මේ වනවිට ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇත. ඔවුන් එහි අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් ජනාධිපතිවරා එහි සිටින්නේද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බව එම ස්තානයේ ආරංචි මාර්ග පවසයි.
චැතම් විදිය ඔස්සේ පැමිණි ජනතාව අද පෙරවරුවේ ගඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මධ්‍යයේ ජනාධිපති මන්දිරයේ දොරටුව අභිසසට පැමිණි අතර ඔවුන් ජනාධිපති මන්දිරයේ මුර කපොලු එකින් එක ආක්‍රමණය කරමින් එම සතානයට ඇතළු වූහ. එය වැළැක්වීමට පොලිසියට සහ යුධ හමුදාවට හැකියාවක් ලැබුණේ නැත.
මේ වනවිට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන් විසින් භූමියේ රැඳී සිටින උසස් නිලධාරීන් වෙත බලය යොදා වහාම මේ පිරිස් ඉවත් කරන ලෙස නියෝග කර ඇත.
එහෙත් ඔවුන් දෙන නියෝග පිළි නොපදින මට්ටමක් ඇති වී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් සිදුවීම් සජීවීව වාර්තා කරගත නොහැකි මට්ටමට දුරකථන සංඥා ජනාධිපති මන්දිරය අවට දුර්වල කර ඇති බව වාර්තා වේ.-







