පොහොට්ටුවේ සහයෙන් ජනාධිපති මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අය වැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 45කින් අද (21) පස්වරුවේ සම්මත වූයේය.
අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමි වී තිබිණි.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ 2024 වසර සඳහාවන අයවැය දෙවන වර කියවීම සම්මතවූ බවය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.









