ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට ගෙන ගොස් ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
ඒ සමගම ශ්‍රී ලංකාව වෙත මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා අයි.සී.සී. වෙතින් ලැබෙන ඩොලර් මිලියන 30ක මුදල නොලැබී යනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ලෝක ප්‍රකට Cricbuzz. වෙබ් අඩවිය දීර්ඝ විස්තරයක් සහිතව පෙන්වා දෙයි .
ICC හි අධ්යක්ෂ මණ්ඩල රැස්වීම අද (නොවැම්බර් 21) අහමදාබාද්හිදී පැවැත්විණි.
සවිස්තරාත්මක සාකච්ඡා වලින් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට නොවැම්බර් 10 ගත් තීරණය ස්ථිර කිරීමට මණ්ඩලය තීරණය කර තිබිණි.
ක්‍රිකට් ක්‍රීඩාව බාධාවකින් තොරව පැවැත්වෙන අතර, කෙසේ වෙතත්, එම තරග තහනම අවලංගු නොවන බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
“අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව පාලක මණ්ඩලය විසින් ඒකමතික තීරණයක් විය. එහෙත් රටේ ක්‍රිකට් සාමාන්‍ය පරිදි සිදුවනු ඇත,” විශ්වාසකටයුතු මූලාශයක් පදනම් කරගෙන Cricbuzz වාර්තා කරයි.
අහමදාබාද්හි ITC නර්මදා හි පැවති ICC අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නෙරපා හරින ලද සභාපති සම්මි සිල්වා සහභාගී විය.
19න් පහළ ලෝක කුසලානය ජනවාරි 14 සහ පෙබරවාරි 15 අතර පැවැත්වීමට නියමිතව තිබුණි.
එම දිනයන් ජනවාරි 10 සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වෙන දකුනු අප්‍රිකානු විස්සයි 20 ලීගයේ දෙවන සංස්කරණය පැවැත්වෙන දිනයන් හා සමපාත වේ.
නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඉහළම ක්‍රිකට් නිලධාරියෙක් Cricbuzz වෙත පවා ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා අනුබද්ධ වෙනත් ස්වාධීන ආයතනයක් විසින් T20 ලීගය යව අධීක්ෂණය කරනු ලබන බැවින් ඉසව් දෙකම එකවර සංවිධානය කිරීම කළ හැකි බවය.
ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද 19න් පහළ ලෝක කුසලාන ඉසව්ව පැවැත්වීමේ විකල්පය සලකා බලන ලද නමුත් වඩා හොඳ යටිතල පහසුකම් නිසා අවසානයේ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට ICC ය තීරණය කර තිබේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවනු ලැබුවද ශ්‍රී ලංකා කණ්ඩායමට අඛණ්ඩව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට ද තීරණය කර තිබේ. පාලිත අරමුදල් ලැබෙනු ඇති අතර එම අරමුදල් අත්හිටුවන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට යොදවනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ෂම්මි සිල්වාගේ අදහස වී ඇත්තේ ව්‍යාකූලත්වය මඟහරවා ගත හැකිව තිබූ නමුත් රටේ ක්‍රිකට් ක්‍රීඩාව බාධාවකින් තොරව පවතිනු ඇති බවයි.
“ක්‍රීඩාව දිගටම කරගෙන යාමට ඉඩ දෙන ලෙස මා ICC මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර සාමාජිකයින් අපගේ ඉල්ලීම අනුමත කර තියනවා” ෂම්මි සිල්වා Cricbuzz වෙත පවසා තිබේ.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බවද ඔහු තහවුරු කළේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම ICC විසින් පාලනය කරනු ඇතැයි ICC කියයි.







