අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ්. සල්ලි ලැබෙන්න මාස 09කින්.. අපි ණය ගෙවා ගන්න බැරි රටක්… මුදල් ඇමති වොෂින්ටනයේ සිට කියන කතාව!

ලෝක බැංකුවෙන්,  ඉන්දියාවෙන් ණය ඉල්ලන්  එතෙක් ගැට ගහගන්න හැටිත්  ඇමතිවරයා කියයි!

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තමන් ඇතුළු කණ්ඩායම මූලික සාකච්ඡා ආරම්භ කළ බවත් එම අරමුදලෙන් අපට කඩිනමින් මුදල් නොලැබෙනු ඇති බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් එතෙක් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට සිදුව ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි  පවසයි.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතර වැනි වගන්තිය අනුව  ශ්‍රි  ලංකාව සම්බන්ධයෙන් සිදු කර ඇති ඇගයීම වන්නේ ණය ගෙවීම පිළිබඳව ශක්‍යතාවක් නැති රටක්  ලෙස බැවින්  අපට මෙම ණය ලබා ගැනීමට පෙර තිබෙන ණය මුදල් ගෙවන්නේ කෙසේද ලැබෙන  ණය මුදල් ගෙවිම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැලැස්මක් තිබිය  යුතු යැයි  ඔහු  පෙන්වා දුන්නේය.

මෙම මුදල් සොයා ගැනීමට අදාල  මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඒ අනුව ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ජපානය චීනය වැනි රටවල් ඇතුළු අපට ආධාර දෙන රටවලින් මෙම අරමුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්  මුදල් ඇමතිවරයා කීවේය.

මෙම අතරමැදි මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ වැඩසටහන් යටතේ ඉදිරි සති දෙකත් හතරත් ඇතුළත ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඔහු මේ බව අනාවරණය කළේ අද සවස වොෂින්ටනයේ සිට මාධ්‍ය අමතමිනි.

සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ  මුදල් අමාත්‍යවරයා තමන් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් ඇතුළු ප්‍රධානීන්  හමුවූ බවත්,  මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායම මේ වනවිට අරමුදලේ නිලධාරීන් සමඟ උපදේශනාත්මක රැස්වීම් ගණනාවකට සහභාගී  වී සිටි බවත් එම අරමුදල ණය ලබා දෙන්නේ මූලික ශක්‍යතා අධ්‍යයනයකින් පසුව බවත් සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කඩිනමින්  මූල්‍ය පහසුකම් සලසන සීඝ්‍ර මූල්‍ය  උපකරණ (Rapid Financing Instruments) ලබා ගැනීමටද මූල්‍ය අරමුදල සමඟ මෙහිදී සාකච්ඡා කළේ යැයි ද  මෙහිදී ශ්‍රි ලංකාවට ලබා දෙන ණය තිරසාර මට්ටමක තිබීම මූලික සුදුසුකමක් වන්නේයැයි ද   කී මුදල් ඇමතිවරයා  මේ සුදුසුකම් තවමත් ශ්‍රි ලංකාව සපුරා නැති බැවින් එලෙස ක්ෂණික මූල්‍ය සහනයක් අපට දැනට ලබා ගැනීම අපහසු බව   පැහැදිළි කළේය.

ඒ සඳහා ද වැඩකටයුතු කරගෙන යන බවත් අදාළ පිරිවිතර සම්පූර්ණ වුවහොත් අපට මෙම පහසුකම ලබා ගත හැකි බවත්    හෙතෙම විශ්වාසය පළ කළේය.

“කොහොම වුණත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ ණය පහසුකම ලබා ගැනීමට ඉතා දුෂ්කර කල්ගත වන ක්‍රියාවලියක් බව පැහැදිළියි.  මේ සඳහා මාස නවයක් අවුරුද්දක පමණ කාලයක් ගත වන්නට පුළුවන්.  අද රටේ ජනතාවට දැන ගන්න ඕන කොහොමද එතෙක් රට ගෙන යන්නේ කියල. “

“එහිදී මා සඳහන් කරන්න ඕන අපි මේ ගමනෙදී ලෝක බැංකුව එක්කත් සාකච්ඡා කළා.  ඔවුන් ඉදිරි කාලය තුළ බොහෝ විට සති දෙකත් මාස හතරක් අතර කාලය තුළ ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක් ලබා දේවි.  විශේෂයෙන් රටේ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ගෙන්වා ගන්න. ආහාර ගෙන්වා ගන්න. ඒ වගේම මූල්‍යමය වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයක ඉන්න ප්‍රජාවට උදව් කරන්න, පොහොර ආනයනය කරන්න, මෙම මුදල් වියදම් කරන්න හැකි වේවි.

ඒ වගේම අපි ආසියනු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරනවා. ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියත් මා හමුවුණා. මා ඇයගෙන් ඉල්ලා සිටියා අපට ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබා දෙන්න කියල. ඒ වගේම තවත් ඩොලර් බිලියනයක ණය සහනයක් ඉල්ලා තිබෙනවා “ යයි ද සඳහන් කළේය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ “ගෝඨාගෝගම “ අඛණ්ඩ විරෝධතා භූමියේ විදුලිය නගර සභා සභාපති විසන්ධි කරයි…

Next Post

නොමැරී ඉන්න බෙහෙත් ටික ගන්න ආසියානු සංවර්ධන  බැංකුව ඩොලර් මිලියන 21ක් අද එවයි!.

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.