දිනසේන රතුගමගේ –
-
ඉන්දීය ධීවර සමිති ඉල්ලලා තිබුණෙ වෙන්දේසි කරලා සලිල්වලින් කොටසක්… සති තුනකට කලින් ඇමති ගිහින් නිරීක්ෂණයත් කළා…
-
බලහත්කාරයෙන් මුහුද ආක්‍රමණය කළ එක ඉන්දීය ධිවරයක්වත් ලංකාවෙ අත්අංගුවෙ නෑ…
නාවික හමුදාව විසින් වරින් වර අත් අඩංගුවට ගත් ඉන්දිය ධීවරයින්ට අයත් ටෝලර් යාත්‍රා 126 කින් 68 ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇති බව යාපනයේ එක්සත් ධීවර සමීති සම්මේලනය ඊයේ ( 28 ) දා පැවසීය.
එම සම්මේලනයේ සභාපති එස් වර්ණකුලසිංහම් පැවසුවේ මේ වන විට ඉන්දීය ධීවරයින් කිසිවෙකු ශ්‍රී ලංකා අත් අඩංගුවේ නොමැති බවයි.
නව ධීවර පනතට අනුව ඉන්දීය ධීවරයිගේ යාත්‍රා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී අත් අඩංගුවට පත් වූ විට අධිකරණ නියෝග මත ධීවරයින් නිදහස් කෙරුණද ධීවර යාත්‍රා රාජ සන්තක වෙයි.
මේ රාජ සන්තක වී ඇති ධීවර යාත්‍රා 126 ක් වෙන්දේසියේ අලෙවි කොට ඉන් යම් මුදල් කොටසක් ඉන්දීයාවේ බෝට්ටු අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස ඉන්දීය ධීවර සංගම් වලින් ඉල්ලීමක් ලැබීමෙන් පසුව ධීවර අමාත්‍යවරයා මීට මාසයකට ප්මණ ඉහතදී එම යාත්‍රා නිරීක්ෂණය කරණ ලදී.