අසේල කුරුළුවංශ –
අම්බුළුවාව කන්ද ආශ්‍රිත සිංහාපිටිය ප්‍රදේශයේ නායයාමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක් පදනම් කර ගනිමින් එම ප්‍රදේශයේ නිවාස 18 ක පදිංචිකරුවන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ එක් බෑවුමක පොළොවේ පවතින පැලීම් කිහිපයක් නිරීක්ෂණය කළ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඊට පහළින් ආසන්නයේ ඇති නිවාස 07 ක් අධි අවධානම් කාලපයේ පවතින බවට නිර්දේශ කර ඇත. තවත් නිවාස 06 ක් මධ්‍ය අවධානම් කලාපයේ තිබෙන බව දැනුම් දී තිබේ.
මධ්‍යම කඳුකරයේ ඉහළ ස්ථාන ගණනාවක පැලීම් නිරීක්ෂණය වන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන නිරීක්ෂණ වලින් ගන්නා තීරණ දිසාපතිවරයාට බාරදෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානි චතුරි සුබසිංහ කීවාය.







