අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරුවූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පිස්තෝලයක් සහ රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත. රිවෝල්වරය සහ පිස්තෝලය අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයෙනි.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් පසුගිය 22 සිදුකළ මෙම වෙඩි තැබීමේ දී කළමනාකරු එම ස්ථානයේදීම මිය ගියේය.
දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි.
මේ ලිපියත් කියවන්න…
බලපිටිය සිංගර් ආයතනයේ කළමනාකරු හිරාන් කෝසල ඝාතනයේ සුල මුල හෙළිවන හැටි….







