පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන් කරමින් රට තුළ සිදුවූ බිහිසුණුම ස්වභාවික ව්‍යසනයක් ලෙස දැවැන්ත කම්පනයක් ඇති කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක මෙම දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි.
මෙම සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි.
“ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) දිනයේ මේ වනවිට පැවැත්වේ. පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී මෙම උත්සවය පැවැත්වෙමින් තිබේ. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇත.
මේ අතර පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කළේය.







