අම්බලන්ගොඩ ඝාතන දාමය නැවැත්වීම සඳහා විශේෂ පියවරක් ලෙස දකුණු පළාත තුළ හඹාගොස් ප්‍රති ප්‍රහාර දිය හැකි දක්ෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන් අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා තිබේ.
දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෙම නිලධාරීන් කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් සපයා මෙම ඝාතන මර්ධනය සඳහා යොදවා ඇති බවය.
අම්බන්ගොඩ අජිත් සොයිසා සහ වසන්ත සොයිසා පවුල් දෙක අතර සිදුවන ඝාතන දාමයෙන් මේ වනවිට ඝාතන 06ක් සිදුවී ඇති අතර ඉන් ඝාතන පහක්ම සිදුවන්නේ සති හයකට ආසන්න කාලයක් තුළය.
එළිපිට මිනී මරා යන ඝාතකයින් කොටුකරගැනීම සඳහා මෙම විශේෂ ක්‍රියාන්විතය දියත් කර ඇත්තේ ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරදීමට පොලිසිය පවසයි.