බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට එරෙහි දෝෂාභියෝගයකට රජය සැරසෙන්නේ ඇයි?… බී.බී.සී.ය කතාව කියයි!

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බී.බී.සී –

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු එම තනතුරින් නෙරපා හැරිය යුතු බවට ඇතැම් පිරිස් විසින් මත පළ කර තිබේ.

මෙම කරුණට අදාළව සමාජ මාධ්‍ය තුළ ද විවිධ මත රාශියක් මේ වන විට පළවෙමින් ඇත.

අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරුවරයාට එරෙහිව එවැනි දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බවට ද මාධ්‍ය වාර්තා පළ වෙයි.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් හේතුවෙන් ය.

එම නඩු තීන්දුව කුමක් ද?

ඉකුත් පාලන සමයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහා නම් කරමින් ඔහුගේ නම එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම නාම යෝජනාව පිළිබඳව සලකා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සමාජිකයෝ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිශ්ශංක බන්දුල කරුණාරත්තගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළහ.

පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ එම තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන බී.පී.එම්.එස් පතිරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගන්නා ලදී.

ඉන් අනතුරුව එහි තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඉකුත් දෙසැම්බර් මස 12 වනදා ප්‍රකාශයට පත් කරන ලදී.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කළ එහි සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන,

“අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට උසස් කිරීමට පෙර විනිසුරුවරුන්ගේ කාර්යසාධනය පිළිබඳ වාර්තාවක් අගවිනිසුරුවරයා වෙතින් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීන්දු කර තිබුණා.

එම තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවත්, එය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු ප්‍රකාශ කළා. එම තර්කය අධිකරණය ප්‍රතික්ෂේප කළා.

යම් විනිසුරුවරයෙකු උසස් තනතුරක් සඳහා නම් කිරීමට පෙර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සලකා බැලීම යුක්තිසහගත බව තමයි අධිකරණයේ මතය. එවැනි ක්‍රියාවක් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට බලය තිබෙනවා,” යනුවෙන් පවසා තිබිණි.

පක්ෂග්‍රාහීභාවය

”නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ නාම යෝජනාව සලකා බැලීමේදී ඔහු ඉදිරියේ විභාග වූ 308/23 සහ 377/23 යන නඩුකර කෙරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ගේ අවධානය යොමු වී තිබිණි.

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කළ බවට තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙම නඩුකර දෙක ඉදිරිපත් කර තිබිණි. එම නඩුකර විභාග කිරීමේදී ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මූලික විරෝධතා මතු කරමින් මෙම නඩු විභාගය සඳහා පෙත්සම්කරු තමන්ට වාසිදායක විනිසුරු මඩුල්ලක් තෝරා ගැනීමට කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබිණි.

එම නඩු විභාග කිරීමේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට වාසිදායක ආකාරයෙන් එම නඩු කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙන බව අධිකරණයට පෙනී ගොස් තිබිණි. එම නඩු විභාගයේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සිදු කළ පැහැර හැරීම් ද අපගේ අධිකරණයට නිරීක්ෂණය විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින් නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේදී එම කරුණු ඔවුන්ගේ අවධානයට යොමුවී තිබිණි.

එසේ ම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පාර්ලිමේන්තුවේ සිදු කරන ලද ප්‍රකාශ හා ඊට පාදක වූ කරුණු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින්ගේ අවධානයට යොමු වී තිබූ බව පැහැදිලි වෙනවා,” යනුවෙන් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සිය තීන්දුවේ සඳහන් කර සිටියේ ය.

‘බහුතර සාමාජිකයින්ගේ තීන්දුව නීත්‍යනුකූල යි’
මෙම සියලු කරුණු විශ්ලේෂණය කර බැලීමේදී නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහා උසස් කිරීමට එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගනු ලැබූ තීරණය නිවැරදි බවත් ඊට අදාළ සුළුතර තීන්දුව තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රකාශ කර තිබිණි.

මහජන ශුභසාධන නඩුකරයක් නොවේ

මහජන ශුභසාධනය උදෙසා මෙම නඩුකරය ඉදිරිපත් කළ බව පෙත්සම්කරු ප්‍රකාශ කළත් ඒ තුළ එවැනි තත්ත්වයක් ගම්‍ය නොවන අතර එය යටි අරමුණකින් යුක්තව ඉදිරිපත් කළ නඩුකරයක් බව පෙනී යන්නේ යැයි ද විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සඳහන් කර සිටියේ ය.

මෙම නඩුකරය සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ නඩුකරයක් නොවන අතර එය මහජන යහපතට අදාළ නොවන බවත් තීන්දුවේ සඳහන් කර තිබිණි.

‘මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී නැහැ’

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් කිසිදු ආකාරයකින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර නොමැති බවත්, ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, ආචාර්ය දිල්රුක්ෂි අනුලා විජේසුන්දර සහ මහාචාර්ය ඩබ්ලිව්.වී.ඒ. දිනේෂා සමරත්න යන අයට පෙත්සම්කරු රුපියල් ලක්ෂ 05ක් බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මෙම තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව පෙත්සම්කරු විසින් තවත් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී කාර්යාලයේ තැන්පත් කළ යුතු බවත් නියෝග කළ ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම සියලු ගෙවීම් තීන්දුව ප්‍රකාශයට පත් කළ ( ඉකුත් දෙසැම්බර් මස 12 වන දා) දින සිට මාස දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවටත් වැඩිදුරටත් නියෝග කර සිටියේ ය.

දෝෂාභියෝගය ගැන රජය කරුණු කියයි

මේ අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන දෝෂාභියෝග යෝජනාව පිළිබඳව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

“අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට එරෙහිව එවැනි දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අත්සන් ද අරගෙනයි තියෙන්නේ,” යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මේ වන විට ඉල්ලා අස්වන බවට වාර්තා පළ වී ඇති නිසා ඒ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද සඳහන් කළේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ මිනිස්සුන්ට තෛපොංගල් සමරන්නත් ඉන්දියාවෙන් ආධාර….

Next Post

ජනපති අද සිව්දින චීන  සංචාරය  අරඹයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.