“අපි වැඩක් කරලා පෙන්නපු පිරිසක්. වැඩ බැරි වඩුවා වගේ ආම්පන්නවලට බැන්නේ නෑ. ඒකයි අපි කියන්නේ රට ආර්ථික අගාධයෙන් ගොඩගන්න අපිට විතරයි පුළුවන්. අපි ඒකයි බය නැතුව අවස්ථාව ඉල්ලන්නේ. ඒ දේ තේරුම් ගැනීම මේ රටේ ජනතාවට බාරයි.” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියාසිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
එහිදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.
“පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
මේ ගීතය කියන්නේ දිවංගත සුනිල් පෙරේරා සංගීතවේදියා. මට මේක මතක් වුණේ, පසුගිය දවසක රාජ්‍ය සේවය ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදුකල ප්‍රකාශයක් නිසා.
ඔහුට අනුව රාජ්‍ය සේවය මේ ආණ්ඩුවට බරක්. පීඩනයක්. නමුත් අවංකව අහන්න ඕන ප්‍රශ්නය තමයි, මහත්වරුන්ට රාජ්‍ය සේවය බරක් වෙන්නේ, අයවැය අසාර්ථක වුනාමද කියලා. නැත්නම්, වරද තියෙන්නේ , මෙතෙක් තිබූ ප්‍රතිපත්තියේද ? නැත්නම් රාජ්‍ය සේවයේද කියලා. වැටුප් ගෙන්වන්න, බෝනස් ගෙවන්න , අතිකාල දෙන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න දුෂ්කර වුනාමද රාජ්‍ය සේවයේ අර්බුදය මතක් වෙන්නේ ? කවද්ද මේ ආණ්ඩුව ඕනෑම ප්‍රශ්නයක් ගැන අවංක වෙන්නේ? ජන්ද කාලයට එක ප්‍රතිපත්තියක්, බලය ගත්තාම තව ප්‍රතිපත්තියක්.
ආසන්න උදාහරණය තමයි, ගොවියාගේ පොහොර සාහනාධාරය. දැන් බලනකොට සේරම කරලා තියෙන්නේ, පොහොර සහනාධාරය කපන්න. හැබැයි ජනාධිපතිවරණය වෙලාවේ කිව්වේ, “ගෝඨාභය, මේ ගොවියන්ට අපි පොහොර නිකන් , නොමිලේ දෙමු කියලා, මහින්ද අයියා කිව්වා, ඒ නිසා මම පොරොන්දු වෙනවා පොහොර නිකන් දෙන්න කියලා. අන්තිමට මොකද වුනේ ? පවු නේද නොමිලේ පොහොර ගන්න හිතාගෙන 69 ලක්ෂය නියෝජනය කරපු ගොවියන්. අද ඔවුන් පාරට වැටිලා විතරක් නෙවෙයි, රටත් සාගතයක් අද්දරට තල්ලුවෙලා.” ඕක තමයි කියන්නේ,
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා, කියලා.
ඇත්තටම රාජ්‍ය සේවයේ ප්‍රශ්නයක් තියනවා. මේ විවාදය , රාජ්‍යසේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධව. අපි බොරු කිව්වා ඇති. දැන්වත් ඇත්ත කියමු. මේපාරත් ආවේ රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගණනක් දෙනවා කියලා. දැන් වෙන කතාවක් කියනවා. ඔබලාගේ කටවල් වලින් ජනතාවට ඇත්ත කියන්න, මේ රට තව කොච්චර පිරිහෙන්න ඕනද ? අගාධයට ලංවෙන්න ඕනද ? හරි ලේසියෙන් සමාජ මාධ්‍ය බලකායන් යොදවලා කියන්න පුළුවන් රාජ්‍ය සේවය අන්තිමයි, පිං පඩි ගන්නේ කියලා. නමුත් ඇයි නොකියන්නේ, ඉතිහාසයේ, සිවිල් සේවය හැටියට ගරු ගාම්භීර විදියට තිබුණ රාජ්‍ය සේවය දේශපාලන ක්‍රමය විසින් දූෂිත කරලා නන්නත්තාර කළා කියලා. අදටත් රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්වෙන්නේ, ඉතාම තරගකාරී ක්‍රමයක් යටතේ. රටේ ඉන්න දක්ෂයක් තමයි ඊට එක්වෙන්නේ. නමුත් පහළ ස්ථරය මුළුමනින්ම සැකසී තියෙන්නේ දේශපාලන පත්වීම් මත. දැන් බැරි වුනාම රාජ්‍ය සේවයට ගරහනවා. ජන්ද ගන්න වුවමනා වුනාම කියනවා, අපි තමයි වැඩිම රස්සා දුන්නේ කියලා. මිනිසුන්ව එහෙම ගරහන්න එපා. විශ්ව විද්‍යාල මට්ටමේ සිට රාජ්‍ය සේවයට පිරිස් එකතු වෙනවා. බොහෝ දෙනෙක් එන්නේ රටට වැඩක් කරන්න කියලා., නමුත් සේවයට ආවට පස්සේ ඔවුන්ට රටට සේවය කරන්න නෙවෙයි, වෙන්නේ, දේශපාලන බලාධිකාරියට සේවය කරන්න වෙන්නේ.
අපිට ඇහුනා, නැනෝ පොහොර වංචාව සම්බන්ධ ප්‍රශ්නයේදී රාජ්‍ය ඇමති කියනවා, තමන් මේ ගනුදෙනු කිසිවකට සම්බන්ධ නෑ, කෘෂිකර්ම නිලධාරීන් තමයි සියල්ල කලේ කියලා. නමුත් අහන්න ඕන ප්‍රශ්නය තමයි, කවුද මේ මේ විදියට කරන්න කියලා ඔවුන්ට නියෝග කලේ කියලා. අපි ගම්මු, රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණිය. ඔවුන්ට රාජකාරියේදී පෞද්ගලික අනන්‍යතාව ආරක්ෂා කරගන්න මේ වෙනකොට ඉඩක් නෑ. වෘත්තීය හැකියාව ගොඩනගා ගැනීමට ඉඩක් නෑ. තමන් දැන උගත් නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් නෑ. නීති රීති චක්‍රලේඛ රැසක් ඔවුන්ව වටලලා. ස්වාධීන තීන්දු තීරණ ගැනීමේ සිට දේශපාලන බලපෑම් දක්වා ඔවුන්ව හිර කරලා. අපි ස්වාධීන කොමිෂන් හරහා රාජ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාවට දෙන්න, රාජ්‍ය සේවය ඵලදායි කරන්න උත්සාහ කළා. විශේෂයෙන් 2015 දී අපි දැක්කා දූෂණ වංචා සඳහා රාජ්‍ය සේවකයන් අමාරුවේ වැටුණත් ඔවුන් ක්‍රියාත්මක වුණේ දේශපාලන තන්ත්‍රයේ බලපෑමට කියලා. ඒ ක්‍රමය වෙනස් කරන්න ස්වාධීන කොමිෂන් ගෙනාවත් ඔබලා මොකක්ද කරේ ? මේ ආණ්ඩුව 20 සංශෝධනය හරහා ඒ සියල්ල වෙනස් කරා. ඒ වෙනස් කරලා දැන් කියනවා රාජ්‍ය සේවයකන්ලු නැනෝ පොහොර වංචාවේ ගනුදෙනු සම්බන්ධව කටයුතු කලේ, අපි නෙවෙයි කියලා.
ඔන්න රාජ්‍ය සේවකයන් තේරුම් ගන්න ඕන තැන. ඔබේ නමින් මේ ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් ඔබලාවම අමාරුවේ දමමින් ඉන්නවා. දැන් කියන්න, කවුද රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරලා තියෙන්නේ කියලා. ඒ වගේම, අපි හැමෝම නිහතමානීව පිළිගන්න ඕන කාරණයක් තියනවා, ඒ තමයි සාමාන්‍ය ජනතාවගෙන් රාජ්‍ය සේවය ගැන ඇහුවොත් ලැබෙන්නේ ඉතාම නරක ප්‍රතිචාරයක් . ජනතාව රාජ්‍ය සේවකයන්ට තරාතිරම නොබලා, පලු යන්න බනිනවා. ඔවුන්ගේ අත්දැකීම තියෙන්නේ, නිවසේ ප්ලෑන් එක හදාගන්න ගිහින්, ගෙදරට වතුර ගන්න ගිහින්, විදුලි බලය ගන්න ගිහින්, අත්දැකපු අප්‍රසන්න සිදුවීම්. රාජ්‍ය සේවයේ ඉහල නිලතලවල ඉඳලා පහලට , මෙහෙම දීර්ඝ ලැයිස්තුවක් කියන්න පුළුවන්. මේ තුල ඇති පොදු නිගමනය තමයි, ජනතාව ඉන්නේ, රාජ්‍ය සේවය ගැන අවශ්වාසයෙන්, අසතුටින්. අප්‍රසාදයෙන්. ඔවුන්ට තෘප්තියක් නෑ. දැන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට වගේම කාටත් තියන පොදු ප්‍රශ්නය තමයි, මේ ජනතා අප්‍රසාදිත, අඩු ඵලදායි රාජ්‍ය සේවය ඵලදායි ලෙස ප්‍රතිව්‍යුහ ගතකරන්නේ කොහොමද කියලා. රෝගයට බෙහෙත් නියම කරන්න කලින්, රෝගය හරියට හඳුනාගෙන ඉන්න ඕන. මේ වෙනකොට තියන බරපතලම ප්‍රශ්නයක් තමයි, රාජ්‍ය සේවයේ පහළ මට්ටමේ බඳවා ගැනීම් සියල්ල, දේශපාලනීකරණය වීම. ඒ වගේම තමයි, රාජ්‍ය සේවක හැකියාවන් වර්ධනය කරගන්න අවස්ථාවක් නොමැතිවීම. ඉහළ මට්ටමේ නිලධාරීන් පවා , දේශපාලනය ඇතුළු විවිධ හේතු මත පාලනයවීමත් ගැටළුවක්. එහෙනම් මේ, මූලික ගැටළු විසඳමින් තමයි, රාජ්‍ය සේවය ඵලදායි කිරීම සිදුවෙන්න ඕන. මුලින්ම පහල අවුල විසඳන්න ඕන. දේශපාලන පත්වීම් වෙනුවට, සුදුසුකම් මත පත්වීම් දෙන්න ඕන. ඔවුන්ව අඛණ්ඩව පුහුණු සහ සංවර්ධන වැඩසටහන් වෙත යොමුකරවන්න ඕන.
නිකමට හිතන්න, දැන් හදලා තියන මතය තමයි, උපාධියක් ලැබීම, රාජ්‍ය සේවයේ රැකියාවක් ලැබීමට සුදුසුකමක් කියලා. මේක හැදුවේ අවස්ථාවාදී දේශපාලනය විසින්. විශේෂයෙන් උසස්වීම් පටිපාටියක්, නිසි කාර්ය භාරයක් නැතුව ජන්ද වාසි තකා පත්වීම් දුන්න පාලකයන් මේකට වගකියන්න ඕන. උපාධිය නිසා ගුරුපත්වීමක් දෙනවා. නමුත් බලන්නේ නෑ ඉගැන්වීම ගැන ඔවුන් දැනුවත්ද කියලා. ඔන්න ඔහොමයි ප්‍රශ්න පටන් ගන්නේ. දියුණු විදෙස් රටවල නම් ගුරු වෘත්තීය වෙනුවෙන් ඩිප්ලෝමාවක් තියෙන්න ඕන. එහිදී තමයි වෘත්තීය අධ්‍යාපනය දෙන්නේ. නමුත් අපේ රටේ එහි අනිත් පැත්ත තියෙන්නේ. මම කියන්නම් මගේ පෞද්ගලික අත්දැකීමක්. බහු ජාතික බැංකුවක තරුණ කළමනාකාර පුහුණුවකට බැඳුණු මාව සිංගප්පූරුවේ පුහුණුවකට යැව්වා.පුහුණුව සඳහා සිටි තුන් දෙනාගෙන් ශ්‍රී ලාංකිකයාට සිටියේ මා පමණි. එහි සිටි තවත් කෙනෙක් සිංගප්පුරු රජයේ කළමනාකාර සේවා පුහුණු ලාභියෙකි. මගේ ඇස් ඇරුණා එදා.සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ මහතා අවුරුදු 50 ට කලින් ම තේරුම්ගෙන තිබ්බා රාජ්‍ය සේවයයි පුද්ගලික අංශයයි එක මේසයක වාඩිවුනහම රට ගොඩ නගන්න පහසු බව ඔහු තේරුම් ගෙන සිටි බව වටහා ගත්තා.එකම භාෂාව එකම දේවල් එකම පුහුණුවකට යා යුතුයි කියන ස්ථාවරය ඒ රටේ එදාම ක්‍රියාත්මක විය.එවන් දීර්ඝ දර්ශණයක් තිබූ අගමැති කෙනෙක් නිසා අද සිංගප්පූරුව ලංකාවට පසු පසින් තිබූ තැන සිට අද ලෝකයේ පළවැනි රටවල් පහ ඇතුළත ට ඇවිත් තිබෙනවා.ඒ රට සෑම ක්ෂේත්‍රයකින්ම ඉහලට ගිහින් තිබෙනවා. සියල්ලට පෙර දේශපාලනය ගෙනවිත් තමයි මේ ප්‍රශ්න ඇතිකරලා තියෙන්නේ. නිදර්ශනයක් ලෙස සංවර්ධන නිලධාරී පත්වීම් ගැන බලන්න. කෝ ඔවුන්ට උසස්වීම් පටිපාටියක්. තවමත් ඉන්න හිටින්න පුටුවක්වත් නැති, සංවර්ධන නිලධාරීන් ඉන්නවා. ඇයි මෙහෙම ජීවිත සමග සෙල්ලම් කරන්නේ ? රාජපක්ෂ ආණ්ඩුව තමයි මේ වරද කරේ . දැන් ජනතාව අතර ඒ රාජ්‍ය සේවය ගැන වෛරයක් ඇති කරන්න හදනවා. රාජ්‍ය අංශය රටට බරක් කියලා.
අඩුම ගානේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන්, රාජ්‍යසේවකයන් පත්කළත්, ඔවුන්ගේ ප්‍රතිචාරය රාජ්‍ය වැඩ පිළිවෙලට උකහා ගන්න ක්‍රමවේදයක් නෑ නේද ? ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාර මේ වගේ පිරිස් තමයි බිම් මට්ටමේ කටයුතු කරන්නේ. ආණ්ඩුවක් ගන්න තීන්දු තීරණ ගැන, ඒ ප්‍රතිපත්ති ගැන ජනතා ප්‍රතිචාරය අත්දකින්නේ ඔවුන්. නමුත් ඔවුන්ට ඒ බව ආණ්ඩුවට දන්වන්න ක්‍රමයක් නෑ. ඒ වෙනුවට මොකක්ද අවස්ථාවාදී දේශපාලනය කරන්නේ, අන්න අපි දැක්කා ලියුමක් යවලා ආණ්ඩුකාරවරුන්ට ආණ්ඩුවේ වැඩ විවේචනය කරන නිලධාරීන් මර්දනය කරන්න කියලා. ඒක නෙවෙයිද ඒ ලිපියේ අපේක්ෂාව? ආණ්ඩුවක් ගන්න තීරණ ගැන, බිම්මට්ටමේ ජනතා ප්‍රතිචාරය වගේම, ගෝලීය රාජ්‍ය දක්වන ප්‍රතිචාරයත් වැදගත්. හැබැයි අවාසනාවට අපිට ඉන්නේ, ඒ ගැන නොතකන ආණ්ඩුවක්. මම කැමති මේ ගරු සභාවට කියන්න, අපි පාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට විවිධ, තීන්දු තීරණ ගන්න පුළුවන්. නමුත් ඊට අදාල ජනතා ප්‍රතිචාරයට ඇහුම්කන් දෙන්න ඕන. සංවාදයට, නම්‍යශීලීත්වයට ඉඩක් තියෙන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අපේ ව්‍යවස්ථාව තුළ හිමිකරදීලා තියෙන්නේ.අන්න ඒ නිසා, ආණ්ඩුවට බනින අය, ප්‍රතිපත්තිය විවේචනය කරන අය මර්දනය කරන්න කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ වගේම , ඒක ෆැසිස්ට් , නට්සි රාජ්‍යක ලක්ෂණයක්. සාමාන්‍ය නිලධාරියෙක්, අවංක රාජ්‍ය සේවකයකු වීම ඇතුලේ, හිට්ලර්ගේ නාසි ප්‍රධානියකු බවට පත්වූ ඉතිහාසයක් අප හමුවේ තියනවා. ඔහු කවදාවත් කිසිසේත් මිනී මැරීමේ චේතනාවකින් හිටපු අයෙක් නෙවෙයි. නමුත් රාජ්‍ය සේවක වගකීම, රාජ්‍යයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම නිසා , මිනීමරුවෙක්, අපරාධ සහයකයෙක් වෙනවා. ඒ සිදුවීම මෙහෙමයි,
ඒ සිදුවීම මෙහෙමයි
The moves we see today are direct moves attempting to silence the democratic nature and independence of the public service. It can have severe consequences for the country that we all want to serve, and I’ll use an example from Nazi Germany here to elaborate on my point.
o Adolph Eichmann was a Nazi operative responsible for organizing the transportation of millions of Jews and others to various concentration camps in support of the Nazi’s Final Solution.
o Hannah Arendt, a political theorist, coined the term, the banality of evil, after watching his 1961 trial. Arendt found Eichmann an ordinary, rather bland, bureaucrat, who in her words, was ‘neither perverted nor sadistic’, but ‘terrifyingly normal’. He acted without any motive other than to diligently advance his career in the Nazi bureaucracy. Eichmann was not an amoral monster, she concluded in her study of the case. Instead, he performed evil deeds without evil intentions because of his own disengagement from the reality of his evil acts.
o Arendt argues that evil acts are not necessarily perpetrated by evil people. Instead, they can simply be the result of bureaucrats dutifully obeying orders.
• What I’m asking of you here is to question what it means to follow orders and when dutifully following orders is counter to the rule of law and the Constitution that we are sworn to protect. You were all recruited into the public service because you demonstrated extreme talent and a burning desire to contribute to making our country a better place for our families and our children. You are the arms of the government and also the arms of democracy. Let’s make sure that desire is not stamped out.
Public servants cannot carry out political orders at the expense of ethics and the rule of law.
මෙහිදී රාජ්‍ය සේවකයන් තේරුම් ගන්න ඕන, දේශපාලනඥයන් පත්වෙන්නේ මහජන ජන්දයෙන් වෙන්න පුළුවන්. නමුත්, සදාචාරයට, රටේ නීතියට, ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීම ඔබේ සේවය නෙවෙයි. රාජ්‍ය සේවකයා තමයි, ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂා කරන්න ඕන. රාජ්‍යය සුරක්ෂිත වෙන්නේ එතකොට. ඔබ රාජ්‍ය සේවයට බැඳිලා ඉන්නේ ව්‍යවස්ථාව මත දිවුරලා. ඔබේ හැකියාව රාජ්‍යයේ උන්නතිය සඳහා මිස, පාලකයාගේ අත්තනෝමතික පාලනය සඳහා නොවිය යුතුයි.ඔබ තමයි රාජ්‍යයේ ආරක්ෂකයා. රාජ්‍යය ජීවය ලබන්නේ ඔබෙන්. ඒ අර්ථයෙන් ඔබ ජනතාවගේත් ආරක්ෂකයා වෙන්න ඕන.
ඔබ ගැන හිතන්න, ඔබ o /L විභාගය, A /L විභාගය, Z ලකුණ, සරසවියේ, class එකක් සහිතව සේවයට එන්නේ. නමුත් එතරම් තරගකාරී කඩයිම් පසුකරන ඔබ, රාජ්‍ය සේවයට එක්වූ සැනින් අකර්මණ්‍ය වෙනවා. උසස්වීම ලැබෙන්නේ කාලය ගතවීම මත මිසක් හැකියාව මත නෙවෙයි. ඔබේ හැකියාව පෙරට ගන්න අවස්ථාවක් නෑ. දැන් පාලකයන් ඔබට චෝදනා කරනවා. නමුත් වරද ඔබේ නොවෙයි, මේ ක්‍රමයේ. ඒ නිසා එය වෙනස් කරන්න ඕන නේද ? අපි දැක්කා රූපවාහිණියේ කෘෂ්කර්ම ඇමතිවරයා ග්ල්යිෆොසෙට් සඳහා තිබූ තහනම ඉවත් කර ගැසට් එක නිකුත් කළ නිලධාරියාව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ යැයි කිව්වා.මොකද්ද මේකේ තේරුම. මම එක නිදර්ශනයක් කියන්නම්. මීට වසර 20 කට පමණ පෙර සියඹලාගස් වැව කාන්තාවක්, ඒ කියන්නේ මිහින්තලයට එහා ගමක කාන්තාවක් කොළඹ එනවා. තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය හදා ගන්න. පළමු දවස ගෙවෙන්නේ කොළඹ එන්න. දෙවැනි දවසේ ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදීලා ගෙදර යන්න ගතවෙනවා. නැවත මාසයකින් විතර ආයෙත් කොළඹ එනවා. ඒ පාස්පෝර්ට් එක අරගෙන යන්න. ඒකටත් දවස් දෙකක් යනවා.නමුත් අපි , අපේ ආණ්ඩුව 2001-2003 සමයේ තනි දවසින් පාස්පෝර්ට් එක හදා ගන්න ක්‍රමය සකස් කළා. ඒක අදටත් සාර්ථකයි. ඊට පස්සේ, හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය පවා ඒ ක්‍රමයට එක්දින සේවයක් බවට කාර්යක්ෂම වුනා. අන්න එහෙමයි, රාජ්‍ය සේවය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ. ඒකට දැක්මක් , වැඩපිළිවෙලක් ඕන. ඒ දැක්ම වැඩපිළිවෙල ඉතිහාසයේ අපිට තිබුණේ. අපි ඒක ඔප්පු කර තිබෙනවා.
ඊළඟ නිදර්ශනය, මේ මෑතක මට ලැබුණු පැමිණිල්ලක්. උප්පැන්නයේ මුල් පිටපත් කිහිපයක් ලබාගන්න නොහැකිවීම ගැන. පලවෙනි පිටපත දෙන්නම් කියලා, ඊළඟ පිටපත ගන්න දවස් 10ක් ගන්නවා. ඒකත් වෙනත් කාර්යාලයකින්. ඇයි කිසියම් මුදලක් අරගෙන හෝ ඒ සේවය දෙන්න බැරි.? ඔන්න ඔතන තමයි ප්‍රශ්නය. ඒ වගේ පොඩි තැනේ සිට මේ සේවය කාර්යක්ෂම කරන්න ඕන. තාක්ෂනය සහ දියුණු ඵලදායි උපක්‍රම යොදාගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, රාජ්‍යසේවයේ සහ ජනතාව අතර තියන ආතතිය අපි සමනය කරගන්න ඕන. රාජ්‍යසේවක අපි, මැති ඇමතිවරුන් පවා තේරුම් ගන්න ඕන, අපිට වැටුප් ගෙවන්නේ රටේ ජනතාව. රාජ්‍ය සේවය ගත්තොත්, නගර සභාවේ, ප්‍රාදේශීය සභාවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ , විදුලි බල මණ්ඩලයේ, ජල සම්පාදනේ මේ ඕන තැනක අපේ සේවය පතාගෙන එන්නේ , අපිට බදු හරහා වැටුප් ගෙවන ජනතාව බව සිහියේ තබා ගන්න ඕන. අපි හෙට අපේ ආයතන වලින් විශ්‍රාම යයි. එතකොට අපේ රාජ්‍ය සේවක බලය ඉවරයි. අපිත් සාමාන්‍ය ජනතාව බවට පත්වෙනවා. ඒ නිසා අපි ලබන්න අකමැති කිසිම පීඩනයක් , අපේ සේවය පතන ජනතාවට දෙන්න නරකයි. අපි උපරිම සේවයක් ලබාදෙන්න ඕන. ඒ හරහා තමයි අපිට මේ රාජ්‍ය සේවය ඵලදායි කරගන්න පුළුවන්. රාජ්‍ය සේවක අපි සියලු දෙනා හිතන්න ඕන අපේ සේවය ජනතාවට මිස තාවකාලික දේශපාලනඥයාට නෙවෙයි කියලා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපි නීතියට අනුව කරමු. නීති විරෝධී විධානයෙන් වැළකෙමු. පහල මට්ටමේ රාජ්‍ය සේවකයාගේ සිට ආරක්ෂක අංශ සාමාජිකයා දක්වා මේ ප්‍රකාශය පොදු සත්‍යක්.
අපි අන්න එහෙම වැඩ කළොත්, අංක එකේ ඵලදායි රාජ්‍ය සේවයක් මේ රටේ බිහිකරන්න අපිට පුළුවන්. අපි ඒ වෙනුවෙන් රාජ්‍ය සේවයේ ඓතිහාසික වැටුප් වැඩිවීමක්. PL 1 වැටුප් ශ්‍රේණිය සඳහා, 2015 ආරම්භය වන විට තිබු මූලික වැටුප රුපියල් 11730.00, නමුත් 2020 වන විට අපි එය රුපියල් 24250.00 දක්වා වැඩිකලා. MN 11 වැටුප් ශ්‍රේණිය 2015 ආරම්භයේ මූලික වැටුප 13990 යි. 2020 වන විට අපි එය 28940ක් දක්වා වැඩි කළා. SL 1 (iii) වැටුප් ශ්‍රේණිය 22935 සිට, 2020 වන විට මුලික වැටුප 47615ක් දක්වා අපි වැඩිකලා. අමාත්‍යංශ ලේකම්වරුන් සඳහා රුපියල් 47515 ට තිබු මූලික වැටුප අපි , 2020 වන විට 98650ක් දක්වා වැඩිකලා. ඒ වගේම තමයි 2016 ට පෙර විශ්‍රාම ගොස් සිටි සියලු විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කළා. අන්න එහෙමයි අපි රාජ්‍ය සේවය, ඵලදායිතාව නංවන්න, රාජ්‍ය සේවය තෘප්තිමත් සේවයක් කරන්න පියවරෙන් පියවර සැලසුම් සහගතව ක්‍රියාත්මක කළේ. ඒ කියන්නේ, අපි වැඩක් කරලා පෙන්නපු පිරිසක්. වැඩ බැරි වඩුවා වගේ ආම්පන්න වලට බැන්නේ නෑ. ඒකයි අපි කියන්නේ, රටේ මූල්‍ය අර්බුදය, මහා ආර්ථික අගාධයෙන් ගොඩ ගන්න අපිට විතරයි පුළුවන්. රාජ්‍ය සේවය සම්බන්ධවත් එහෙමයි. අපි ඒකයි බය නැතුව අවස්ථාව ඉල්ලන්නේ. ඒ දේ තේරුම් ගැනීම මේ රටේ ජනතාවට බාරයි.”