බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා… මහින්දානන්ද… ඇමති වරයෙක් විදිහට හැසිරෙන්න…

ලොක්කා නග්ගන්න වෙන විදිහක් හොයා ගන්න යැයි හිටපු ජනපති මහින්දාන්දට කියයි!

by editor
නොවැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ ලොක්කා නග්ගා ගන්නට වෙනත් ක්‍රම සොයා ගන්නා ලෙසත් වීදුරු ගෙවල්වල සිට ගල් ගැසුවොත් සිදුවන දේ ගැන කල්පනා කරන ලෙසත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේට අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

තුනෙන් දෙකේ බලය ගැන බහුශ්‍රැතව හිතන ලෙසත් ඔය තුනෙන් දෙක පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආසන 14ක් සමග බවත් ආණ්ඩුව නිර්මාණය වන්නේ මිත්‍ර පක්ෂ 11ක සන්ධානයක් ලෙස බවත් හිටපු ජනාධිපතිවරයා සිහි කළේය

ඔහු මෙසේද පැවසුවේය.

“මටත් අයිතියක් තියෙනවා  කථානායකතුමනි හිටපු ජනාධිපති විදියට මාව එල්ල කරලා යම්කිසි දෙයක් කියනවා නම්, එයට පිළිතුරු දෙන්න. අපි නම් ගැහුවොත් ගහන්නේ නෑ. ගැහුවොත් අනුකම්පා කරනවා. ගහගන්න ජාතියේ මිනිස්සු නෙමෙයි අපි. අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙමෙයි ගහන්නේ වෙන විදියකට. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය අරගෙන ජනතාවට දෙන්නේ මම අනවශ්‍ය වියදම් කළා කියලා. එක එක වැය ශීර්ෂ කිහිපයක් මගේ කාලේ ඒවා කිව්වා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමන් බිමන් ගියපු හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙළිකොප්ටර් පාවිච්චි කරපු හැටි, ඒවාට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මම එක බොහොම පැහැදිලිව කියන්න ඕන. එක නිසා ඔය ගහගන්න ගියොත්, කිව්වනේ ඕනනම් ගහගමු අපිත් ගහන්නම් කියලා. ගහගන්න ගියොත් මොන මොන විදියේ තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්න පළවෙනි මැතිවරණයේදී සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමඟ ගිහිල්ලා කඩාගත්තා. ඒ නිසා මේ තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹූරින් සහ සංකීර්ණව හා බුද්ධිමත්ව හිතන්න ඕනේ. මීට වඩා බහුශ්‍රැතව හිතන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ගහගත්තාම තියෙන ප්‍රතිඵලය මීට පෙර පැවති ආණ්ඩු අවුරුදු 50 – 60ක කාලය තුළ ඔප්පු කරලා තියෙනවා ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තාම මොකද වෙන්නේ කියලා.

පොදුජන පෙරමුණ සහ මිත්‍ර පක්ෂ 11 එකතුවුණ ආණ්ඩුවක් මේක. ඒ නිසා අපිටත් බොහෝම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට ගහ ගන්න බැහැ අපි හරිම අහිංසක මිනිස්සු. මහින්දානන්ද ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ  දුමින්ද දිසානායක ඇමතිතුමා එක්ක කියලා තිබුණා, දුමින්ද දිසානායක ඇමතිතුමා මට හවස කිව්වා, දුමින්ද ඇමතිතුමා ඇහුවලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් “මොකද් මේ වාහන පාවිච්චි කළා කියලා මේවා මේ වැඩක් නැති දේවල් නේ” කියලා.  එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තියෙන පිළිතුර තමයි දන්නේ නැද්ද දුමි අපි අපේ ලොක්කා නග්ගන්න මොනවා හරි කියන්න එපැයි කියලා. ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන ක්‍රම ඕන තරම් තියෙනවා නේ. අපිත් ඒ ලොක්කා එක්කනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලි ලෙස ආණ්ඩු පක්ෂය තුළ ප්‍රශ්න හදාගන්නේ නැතුව කටයුතු කරන්න. අපි ඒ මිත්‍රත්වය තියා ගමු. අපි පහළට වැටෙන්න ඕනේ නෑ. මහින්දානන්ද ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක් දයාසිරි ජයසේකර මහත්තයා හිටපු මහඇමතිවරයෙක් ඒ නිසා අපේ මට්ටම්වලට ගැළපෙන විදියට කටයුතු කරමු.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අපි වැඩ කරලා පෙන්නුවා මිසක් වැඩ බැරි වඩුවා වගේ ආම්පන්නවලට බැන්නේ නෑ”

Next Post

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක විශිෂ්ට ජයක්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.