අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි යළිත් අවදානමක – සුදත් සමරවීර, අජිත් රෝහණ කතා කරති

by editor
ඔක්තෝබර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • මාස 2කින් සමාජයෙන් රෝගියක් හමුවුණා… ඉදිරියටත් මේ තත්වය තිබිය හැකියි… විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

  • ඇඳිරි නීතියට නිසි ලෙස අවනත වෙන්න… කඩ කළොත් දැඩි දඬුවම්….  නියෝ්ජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

 

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට   සම්බන්ධ තත්වයන් පිළිබඳවඅද දින (04.10.2020) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී   සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි  සහ වැඩබලන ආරක්ෂක  මාණ්ඩලික   ප්‍රධානි, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ගේ මූලිකත්වයෙන් පැවැත්විනි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

එහිදී, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ සිය අදහස් දැක්වීය.

ඇය අවුරුදු 39 ක් වයසැති කාන්තාවක්. දිවුලපිටිය ප්‍රදේශයේ, පදිංචි. සැප්තැම්බර් 28 වනදා ඇයට රෝගී තත්වයක් ඇති වූ නිසා ප්‍රදේශයේ තිබෙන ඩිස්පැන්සරියකින් බෙහෙත් අරන් තිබෙනවා. ඉන් පසු 30 වනදා ගම්පහ රෝහලට ඇතුළ් වී තිබෙනවා. ඉන් පසු අප සෑම රෝහලකම කරන පරිදි ශ්වසන රෝගී තත්වයන් සමග එන කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ තිබෙන අයගේ නියැදියක් ලබා ගන්න නිසා ඒ හා සමානව මේ රෝගියාගෙනුත් නියැදියක් ලබාගෙන තිබෙනවා. ඒ නියැදියේ PCR පරීක්ෂණයේදී තහවුරු වූවා ඇය කොවිඩ් රෝගියකු කියා. ඒ අනුව, ඇය අංගොඩ ජාතික රෝහලට ඇතුළ් කර තිබෙනවා වැඩිදුර ප්‍රතිකාර සඳහා.

RelatedPosts

රට ආක්‍රමණය කරලා තිබෙන්නෙ ඉතා වේගයෙන් බෝ වෙමින් පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේදයක්…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 36 දෙනෙක් එක් වේ… මුලු ගණන 1346යි..

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විෂබීජ හරණයට…

මාස 02 කට පසුව තමයි අපට සමාජයෙන් රෝගියකු හමුවන්නේ. මේ අවස්ථාවේදී ඊළඟට අපට කරන්න තිබෙන ප්‍රධානම දේ තමයි ඇයගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම. එතකොට පවුලේ, සේවය කරන ස්ථානයේ ඒ වගේම රෝහලේ ඇයගේ ආශ්‍රිතයින් ඇයට නිරාවරණය වූ අයව මූලිකවම හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමට මූලිකවම කටයුතු කර තිබෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ගේ PCR පරීක්ෂණ කර, ඔවුන් අතර රෝගීන් සිටිනවාද කියන එක අප තහවුරු කරගන්නවා. ඒ වගේම, ඊළඟ පෙළේ ආශ්‍රිතයිනුත් හඳුනාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම, ඒ වගේම ඒ ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල PCR පරීක්ෂණ සිදු කිරීමත් ඉදිරි කාලයේදී සිදු වෙනවා ඇති.

මෙතැනදී වැදගත්ම දේ තමයි, කොවිඩ් 19 රෝගය කියන්නේ වෛරස් රෝගයක්. අප මේ සටන් කරන්නේ වෛරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් ගිළිහිලා සමාජය තුළින් මතුවන්න පුළුවන්. අප දිගින් දිගටම පසුගිය කාලයේ මේ පිළිබඳව අවධාරණය කළා. ඒ තත්වය අද යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. නමුත් ඉතාමත්ම වැදගත් දේ තමයි රෝහලේදී ඉතා මූලික අවස්ථාවකදී අපට මේ රෝගියා හඳුනා ගන්න හැකිවීම.

මේ තත්වය ඉදිරියටත් තිබෙන්න පුළුවන්. මේ සමාජයේ තිබෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට එන සියලුම දෙනා ඉතාමත්ම වැදගත් කාර්යයන් කීපයක් කරන්න තිබෙනවා. ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදිහට සමාජයට පැමිණීමෙන් වළකින්න අවශ්‍යයි. හැකි තරම් තමන්ගේ නිවෙස්වල රැඳී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම සමාජයට එන හැම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය තබාගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. නිසි පරිදි මුඛ ආවරණයක් පැළඳීම, දෑත් සබන් යොදා සේදීම යන සෞඛ්‍ය පුරුදු සමාජය දිගින් දිගටම සිදුකළ යුතු යි. ඒ වගේම ආයතන වලදී, එම ආයතන වලට පැමිණෙන අය, පාසලක හෝ ආයතනයක හෝ වෙනත් ස්ථානයක බාහිර පිරිස් පැමිණෙන තැන්වල නිසිපරිදි සෞඛ්‍යාරක්ෂිත කටයුතු අනුගමනය කළ යුතුයි. එන සියලුම දෙනාගේ උෂ්ණත්වය බැලීම, ඔවුන්ගේ සම්බන්ධතා කවුද, කොහෙන්ද ආවේ යනාදී නැවත වතාවක් ඔවුන්ව හඳුනා ගැනීමට අවශ්‍ය වන දුරකථන අංක, නම ගම යන විස්තර ලබා ගැනීමත් වැදගත් වෙනවා.

ඒ වගේම, යම්කිසි ආයතනයක ශ්වසන රෝගී තත්වයක් පැතිරෙනවා නම්, කොවිඩ් 19 හා සමාන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ තිබෙන රෝගීන් පිරිසක් වාර්තා වෙනවා නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට දැන්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේ අවස්ථාවක අපට පුළුවන් පරීක්ෂණ සිදුකර බලන්න යම්කිසි ලෙසකින් මේ කොවිඩ් 19 රෝගයද කියා.

ජනතාවගේ පාර්ශ්වයෙන් සහ වෙනත් කාර්යාලවල ආයතනවල කාර්යය මණ්ඩල සහයෝගය දුන්නොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට මේ කොවිඩ් 19 රෝගය කොතැනින් මතුවුණත්  ඉක්මනින්ම පාලනය කර නැවත වතාවක් අපට සාමාන්‍ය ජීවිතය ගත කරන්න, ඒ වගේම කොවිඩ් 19 රෝගය සමාජගත වීම වළක්වා කටයුතු කරන්න හැකි වෙනවා.

නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි, නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන පරිදි, පොලිස්පතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවරා ඇති බලතල අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එම ඇඳිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසට.

විශේෂයෙන්ම, ඔබ දන්නවා අප පසුගිය මාර්තු 18 වන දා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය මාස තුනකට ආසන්න කාලයක් පැවතුණා. එම කාලය තුළ රටේ ජනතාවගෙන් සියයට අනූනවයක්ම ඊට අවනතව කටයුතු කළ නිසා අපට මෙම රෝගය පාලනය කරගෙන ලෝකයේ මෙම රෝගය පාලනය කළ දෙවැනි රට බවට පත්වන්නට හැකියාව ලැබුණා. එය මේ රටේ ජනතාව ලබාදුන් සහයෝගයේ ප්‍රතිඵලයක්.

ඉතින්, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා හැමදෙනාගෙන්ම, විශේෂයෙන් එම ප්‍රදේශවල ජනතාවගෙන් මෙම ඇඳිරිනීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසට. ඒ වගේම, මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ පෙර පරිදිම කිසිවකුට එම ප්‍රදේශ වලින් තමන් සිටින නිවෙස් වලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම, වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා පමණක් එම පොලිස් බලප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම, යම්කිසි කෙනෙක් ඇඳිරි නීතියට පටහැණිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු සිදුකිරීමටත් සිදු වෙනවා. ඒ වගේම, ඒ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොලිස් නිලධාරීන් ඒ වගේම, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔබගේ නිවසට ඔබගේ ආයතනයට ප්‍රදේශයට පැමිණීමට පුළුවන් මේ නිරෝධායන කටයුතු සඳහා, ඔවුන්ට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන හැටියට.

ඒ වගේම ඒ පොලිස් බලප්‍රදේශ දෙකට මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් ඊට පරිබාහිර ප්‍රදේශවල ජනතාවගෙනුත් ර‍ටේ සියලුම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා පෙර පරිදිම සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙලා කටයුතු කරන්න කියා.   නැවත අවදානම් තත්වයක් උද්ගත වී තිබෙන නිසා අපිත් ශ්‍රී ලංකා පොලීසිය හැටියට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන්න කටයුතු කරනවා සෞඛ්‍ය බලධාරීන් සමග.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

දැනට මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන පොලිස් බලප්‍රදේශවලට පණවන ලද පොලිස් ඇඳිරි නීතියට ඒ නිරෝධායන ඇඳිරි නීතියට අනුගත වෙලා කටයුතු කරන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. යම්කිසි තැනැත්තෙක් මේ නිරෝධායන ඇඳිරි නීතියට පටහැණිව කටයුතු කරනවා නම් එය නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත වගේම ලංකාවේ අපරාධ නීතිය, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වෙනවා. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයකුට එරෙහිව නඩු  පැවරීමේදී වරදකරු වුවහොත් ඔහුට සිර දඩුවමකින් හා දඩයකින් යන දෙආකාරයෙන්ම දඩුවම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන්න කියා මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍රදේශවල ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

 

Tags: කොවිඩ්-දිවුලපිටිය
Share69Tweet43
Previous Post

රිෂාඩ් එක්ක කිසිම ඩීල් එකක් නෑ – ජනපති අවධාරණය කරයි

Next Post

කොවිඩ් ආසාදිත කතගේ 16 හැවිරිදි දියණියටත් වෛරස ආසාදනය වෙයි..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.