අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

රට ආක්‍රමණය කරලා තිබෙන්නෙ ඉතා වේගයෙන් බෝ වෙමින් පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේදයක්…

හැකි තරම් ප්‍රවේසම් වෙන්න... සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වශයෙන් නිවේදනය කරයි...

by editor
ඔක්තෝබර් 12, 2020
in සෞඛ්‍යය
කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ අහඹු ලෙස ප්‍රජාවගෙන් නියැදි ගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන අයුරු

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ අහඹු ලෙස ප්‍රජාවගෙන් නියැදි ගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන අයුරු

Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ පැතිරෙමින් ඇති කොවිඩ් වෛර ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන සීඝ්‍රයෙන් බෝවන ප්‍රභේදයක් බව මේ සම්බන්ධ පරීක්ෂණ කරන විශේෂඥ වෛද්‍යවරුන් සොයාගෙන ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ පර්යේෂණ විශේෂඥයන් එය තහවුරු කර ඇති බවත් සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍යයට  පැවසීය. මේ තත්වයට මුහුණ දීම සදහා දැනට වෙන් කර ඇති කොවිඩ් ප්‍රතිකාර රෝහල් 17ට අමතරව තවත් දිස්ත්‍රික් හා ප්‍රාදේශී රෝහල් සමූහයක් හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

වේගයෙන් පැතිර යන මෙම වෛරසයට මුහුණ දිය හැක්කේ සබුද්ධික හැසිරීමකින් පමණක් බවත්, එය සියල්ලන්ගේම  වගකිම බවත් ඔහු කීය.

පි.සී.ආර් පරීක්ෂණ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර මතුවීමෙන් පසු ඊයේ (11) වනවිට දෙවන පීසීආර් පරීක්ෂණ 6487ක් සිදුකර ඇති බව කී ඔහු දිනකට සිදුකරන පරීක්ෂණ ධාරිතාව ඉදිරියේ දී වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද හෙළි කළේය. කොවිඩ් වංගතය රට තුළට පැමිණි  මේ සමස්ථ කාලය තුළ සිදුකර ඇති මුළු පි.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය 6427කි. පසුගිය පැය 24 තුළ පමණක් පී.සී.ආර් පරීක්ෂණ 648ක් සිදු කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

“රෝගයනේ වැළකිය හැකි හොඳම ක්‍රමය තමයි ජනතාවට ඇත්ත ප්‍රකාශ කිරීම. අප කොවිඩ් වාර්තා වුණු තැන් සියල්ල ගැන ජනතාව දැනුවත් කළා. ඉදිරියටත් එය කරනු ලබනවා. ඒ වගේම අපි පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වැඩි කරන්න කටයුතු කරනවා.   අද වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පි.සී.ආර් මැෂින් 2ක් ලැබෙනවා.. ඉතිරි ඇනවුම් කළ පී.සී.ආර් යන්ත්‍ර ඉදිරියේදී ලැබෙන්න නියමිතයි.“

තවත් රෝහල්

“මේ වනවිට ප්‍රධාන රෝහල් 17ක් කොවිඩි ආසාදිතන් සඳහා වෙන් කරලා තියනවා. ආසාදිතයන් වැඩි වුනොත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රෝහල් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදාගන්න සැලසුම් කරලා තියනවා.“ යැයි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කීය.

ඔහු මෙසේ අදහස් දක්වනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ භාරගනිමින් පැවැත්වූ මුල්ම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

Tags: කොවිඩ්-දිවුලපිටියවිශේෂ
Share69Tweet43
Previous Post

අහඹු ලෙස සමාජයේ නියැදි ගෙන පී.සී.ආර් පරීක්ෂණ පවත්වයි….

Next Post

කොවිඩ් පොකුරට තවත් 51 ක්… අද දවස තුළ 90යි. මුලු ගණන 1397යි..

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.