අමායා උඩුවැරැල්ල –
එලඹෙන අප්‍රේල් මාසයේ දෙවන සතියේ එනම් අප්‍රේල් 08 වන දා පූර්ණ සූර්යග්‍රහණයක්, උතුරු ඇමරිකාව හරහා මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව හරහා සිදු වනු ඇති බව නාසා ආයතනය නිවේදනය කර තිබෙනවා. සූර්යයාගේ මුහුණත සම්පූර්ණයෙන්ම අවහිර කරමින් සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා ගමන් කරන විට පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වේ.
මිනිත්තු 4 යි තත්පර 28 ක කාලයක් එය පවතිනු ඇතැයි සඳහන් වන අතර
2024 වසරෙන් පසුව උතුරු ඇමරිකාවේ එවැනි සිදුවීමක් දැක ගැනීමට මීළඟට අවස්ථාව ලැබෙන්නේ තවත් වසර 20ක ටත් වැඩි කාලයකට පසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නයගරා දිය ඇල්ල අසල කලාපයේ හදිසි තත්වය
කැනඩාවේ සිටින පුද්ගලයින්ට මෙම සූර්යග්‍රහණය නැරඹීම සඳහා ඇති හොඳම ස්ථානය නයගරා ඇල්ල බව මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමඟ එම අත්දැකීම විඳගැනීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එදිනට නයගරා ඇල්ල අසලට පැමිණීමට සූදානම්ව සිටින බව සඳහන් වනවා.
ඒ අනුව නයගරා දිය ඇල්ලේ නගරාධිපතිවරයා විසින් කලාපයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර පූර්ණ සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන විශාල ජනකාය පැමිණීමට පෙර පූර්ව ආරක්ෂාකාරී පියවරක් ලෙස එය සිදු කල බව ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම අප්‍රේල් 8 වන දින සිදුවන පූර්ණ සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා මිලියනයකට අධික ජනතාවක් එදිනට මායිම් නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද නගරාධිපති ජිම් ඩියෝඩති වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔහුට අනුව එය නගර ඉතිහාසයේ එක් දිනක් තුල වන වැඩිම සංචාරක පැමිණීමයි.