ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවකදී එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට එල්ල වූ බිත්තර ප්‍රහාරය රජය දැඩි ලෙස හෙළා දකින බව කැබිනට් සම ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
මෙම බිත්තර ප්‍රහාරය හිතවත් ව්‍යාපාරිකයකුට අයත් ආරක්ෂක සමාගමක සාමාජිකයන් විසින් එල්ල කරන ලද්දක් බවට අනාවරණය වී ඇත.
මෙවැනි ප්‍රහාර කිසිවක් කුමන හෝ පුද්ගලයකුට කිරීමට රජය අපේක්ෂා නොකරන බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
ජනාධිපතිවරයා කිසිසේත්ම උද්ඝෝෂණ හා විරෝධතා වලට බියක් දක්වන කෙනෙක් නොවන බවත් ඒ සඳහා විශේෂ තැනක් පවා රජය විසින් වෙන් කර ඇති බවත් මෙවැනි බියගුළු වැඩ කිරීමට රජයට කිසිසේත් අවශ්‍යතාවක් නොමැති බවත් කැබිනට් සම- ප්‍රකාශකවරයා එහිදී පෙන්වා දුන්නේය.
මෙම බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබුණේ රජයට හිතවත් ව්‍යාපාරිකයකුගේ වන ඇවන්ගාඩ් ආරක්ෂක සේවා සමාගමේ සේවකයන් පිරිසක් බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද මෙම ප්‍රහාරය දැඩි සේ හෙළා දැක තිබේ.
මෙම ප්‍රහාරය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කළ එකක් බවට කැබිනට් සම ප්‍රකාශකවරයා කීය.







