අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ ඒකකයේ ගබඩාවෙන් ඔක්සිජන් සිලින්ඩර් තුනක් සොරකම් කොට විකිණීමට තැත් කළ එම ඒකකයේ සේවයෙහි නියුතු උපස්ථායකයෙකු අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් ඊයේ (25) සවස අත් අඩංගුවට ගෙන තිබේ.
මෙත්සිරි සෙවන වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ගබඩාවේ සේවයෙහි නියුතු සැකකරු ඉන් සොරකම් කළ ඔක්සිජන් සිලින්ඩර් තුනක් විකිණීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත ඒවා මිලදී ගැනීමට මුවාවෙන් උපාය දූතයෙකු යොදවා මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු ඒවා විකිණීමට රැගෙන පැමිණ ඇත.
එම අවස්ථාවේ පොලීසිය ඔක්සිජන් සිලින්ඩර් තුන සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
ඒවායේ වටිනාකම රුපියල් අනූ දහසක් පමණ වටිනාකමකින් යුක්ත බව පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත .
තිරප්පනේ නිවාස 10 ප්‍රදේශයේ පදිංචි සැකකරු තිස් හැවිරිදි වියෙහි පසුවෙයි.
සැකකරු සහ ඔක්සිජන් සිලින්ඩර් තුන අද (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන,අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.පුෂ්පකුමාර, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සෙනෙවිරත්නගේ මෙහෙයවීමෙන් එම කාර්යංශයේ සැරයන්වරුන්වන බංඩාර (48317)ශාන් (61406)රාජරත්න(66934) සමන්(71544)සහ උප සේවා කොස්තාපල් අජිත් (766) විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.







