රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගැටුමට මුල් වූ එම රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අද උදේ අනුරාධපුර පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂඥ වෛද්‍යවරයා නීතිඥවරයෙක් හරහා පොලිසියට භාර වූ පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර රෝහලේ විශේෂඥ නාරි වෛද්‍යවරයා සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරයා අතර ඇතිවූ වචන හුවමාරුවක් අනතුරුව රෝහල තුළ ගුටි ඇනගැනීමක් බවට පත් වී තිබේ.
මේ සම්බන්ධව නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරයා පොලිස් පැමිණිල්ලක් ගොනුකර අනුරාධපුර රෝහලට ඇතුළත් වූ අතර විශේෂඥ වෛද්‍යවරයාත් තමන්ට නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරයා පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර එම රෝහලේම රෝහල්ගත වූයේය.
කෙසේ වෙතත් අද උදේ විශේෂඥ වෛද්‍යවරයා නීතිඥ කණ්ඩායමක් මගින් අනුරාධපුර රෝහලට බාර වූයේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ඇතිවූ මෙම වෛද්‍යවරුන්ගේ ගුටි ඇනගැනීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.







