රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් අද (06) ප්‍රකාශයට පත් කළේය.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනය පැවැත්වෙමින් ඇත. සමුලුව අමතමින් එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මෙසේ පැවසුවේය.
“රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.”
“අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා. මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරනවා.” යනුවෙන් රුවන් විජයවර්ධන සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී මේ වනවිට පැවැත්වේ.









