අප්‍රේල් මාසය සඳහානම් කිසිම ආකාරයක ඉන්ධන ගැටලුවක් මතුනොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.
ඔහු අද මාධ්‍යහමුවකට එක්වෙමින් පවසන්නේ ඉන්දියානු විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ අප්‍රේල් මාසය තුළ පෙට්‍රල් ඩීසල් සහ ගුවන්යානා තෙල් අපහසුවකින් තොරව සැලැස්මකට ලැබෙන බවය.
පසුගිය වසරට වඩා, ඊට කලින් වසරවලට වඩා සියයට තිහක තිස් පහක ඉන්ධන පරිභෝජනය ඉහළ යෑම නිසා මේ තත්වය උද්ගත වූ බව සභාපතිවරයා කීවේය
“අපි හිතනවා අප්‍රේල් මාසය තුළ කිසිම ප්‍රශ්නයක් නැතිව ඔබට ඉන්ධන ලබා දෙන්න හැකි වේවි කියලා. “ ඔහු කීවේ එසේය.