ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය පනවා ඇති දැඩි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩෙන විරෝධය මධ්‍යයේ චීන ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ බලධාරීන් වෙත සිය අතෘප්තිය සහ කළකිරිම ප්‍රකාශ කිරීමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.
සම්පූර්ණයෙන් රට අගුලු දැමීම සහ පුළුල් පරීක්ෂණ වැනි අධික ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය,ආර්ථික අලාභ මෙන්ම විවිධ දුෂ්කරතා අත්විඳීමට සිදුව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේච්නවල සඳහන් වේ.
මේ අතර කෝවිඩ් සීමා හදුන්වාදෙමින් බලධාරීන් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට ද චීන සමාජ මාධ්‍ය පරිශිලකයන්ගේ දැඩි විවේචන එල්ල වී ඇත.
එම චක්‍රලේඛයට කොරෝනා වෛරස නීති කඩකරන්නන් සඳහා RMB 200 ත් 1000 ත් අතර දඩ පැනවීම සහ දින 5 සිට 10 දක්වා අත්අඩංගුවේ රඳවා ගැනීම වැනි දැඩි විධිවිධාන ඇතුළත් කර තිබීම ජනතාවගේ අප්‍රසාදයට හේතු වී තිබේ.
රට සම්පූර්ණ වශයෙන් අගුලු දැමීම්වල ආර්ථික පිරිවැය අවසානයේ සාමන්‍ය ජනතාව විසින් දරනු ලබන බැවින් රජය දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කළ යුතු බව විවේචන එල්ල කරන ජනතාව වැඩිදුරටත් පවසා ඇත.