බණ්ඩාරවෙල ජනතාව අතරින් මතුවුණු ප්‍රබල විරෝධතාවය හේතුවෙන් බණ්ඩාරවෙල නගරසභා ක්‍රීඩාංගනය විවෘත කිරීමට ප්‍රධාන අමුත්තා ලෙස පැමිණීමට සිටි නාමල් රාජපක්ෂ නොපැමිණි අතර ක්‍රීඩාංගනය බණ්ඩාරවෙල නගරසභා සභාපති ජනක නිශාන්ත බණ්ඩාර අද සවස විවෘත් කරනු ලැබුවේය.
ක්‍රීඩාපිටිය විවෘත කරමින් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා මෙසේ පැවසීය.
“නාමල් රාජපක්ෂ මැතිතුමා මෙතෙන්ට සම්බන්ධ වෙන්න හිටියත් එතුමාට වෙන රාජකාරියක් යෙදී ඇති නිසා අද දිනයේ මෙතෙන්ට සම්බන්ධ නොවුනත් මා තීරණය කළා අද මේ ක්‍රීඩා පිටිය විවෘත කරනවා කියලා.“
මේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ කීවේ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් බණ්ඩාරවෙල දී දියත් වී තිබුණු බවය.
“මම හිතන්නෙ ඒ ජනතාවට වැරදි මතයක් බොරු කටකතාවක් ගිහින් තියනවා මං එන නිසා පෝලිම් වෙනස් කළා කියලා. “
“අපි යම්කිසි කාරණයකට රාජකාරි මට්ටමින් හෝ පෞද්ගලිකව යන විට සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමට කටයුතු කරන්නෙ නෑ. මේ ජනතාව නොමග යැවීමක්. “