කටුනායක ගුවන්තොටුපල උසස් නිලධාරීන් සඳහා වෙන් වූ නිල නිවාස සංකීර්ණයේ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, සහ ශෙහාන් සේමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් පිරිවරාගත් විශේෂ භෝජන සංග්‍රහයක් සහ මධු සාදයක් ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුවේ පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් වෙනුවෙන් මේ වන විට පැවැත්වෙමින් තිබේ.
මෙම විශේෂ භෝජන සංග්‍රහය සහිත සාදයට පෙර ගම්පහ දිස්ත්‍රික් පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් රටේ ජනතාවගේ තත්වයත්, රටේ ආර්ථිකයේ තත්වයත් පිළිබඳ කරුණු සහිතව ගැඹුරින් විග්‍රහ කරගත් බව වාර්තා වේ. ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසිනි.
අනතුරුව සිංහල අවුරුද්දට පීඩාවට පත් ජනතාවට සහන සලසන ආකාරය සහ මැයි දිනය සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා කර තිබේ.
ජනතාවට සහන සැලසීම ගැන කළ මූලික සාකච්ඡාවලින් අනතුරුව මේ වනවිට මැති ඇමතිවරු සහ ගම්පහ පළාත් පාලන ආයතනවල නියෝජිත පිරිස් මධු සාදයක් සඳහා එක් වී සිටිති.
ගුවන්තොටුපල ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස ලෙස වෙන් කර ඇති මෙම නිල නිවාසවල මේ වනවිට පදිංචිව සිටින්නෙ ඉහළ පෙළේ දේශපාලකයන් බව ද ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.