හෙට (31) ප්‍රදේශ රැසකට පැය 13 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (30) පැවසීය.
ඒ අනුව හෙට අළුයම 3.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ වරකට පැය 4 ත් 6 ත් අතර කාලය බැගින් පැය 13 විදුලිය කප්පාදු කරන බව ද ඔහු පැවසුවේය.
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මෙම තීන්දුව ගත් බව ඔහු කීවේය.
කලාප පහක් යටතේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.
- ABCDEF කලාප සඳහා – පෙ.ව. 3 සිට 6 දක්වා පැය 3ක් ද, දහවල් 12 සිට 4 දක්වා පැය 4ක් සහ සවස 6 සිට අලුයම 12දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වේ.
- GHIJKL කලාප සඳහා – පෙ.ව. 12 සිට 3 දක්වා පැය 3, පෙරවරු 8 සිට 12 දක්වා පැය 4 සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 විදුලිය කප්පාදු වනු ඇත.
- PQRS කලාප සඳහා – උදෑසන 3 සිට 6 දක්වා පැය 3ක්, දහවල් 12 සිට 4 දක්වා පැය 4ක් සහ සවස 6 සිට 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇත.
- TUVW කලාප සඳහා – පෙ.ව. 12 සිට 3 දක්වා පැය 3, පෙ.ව. 8 සිට 12 දක්වා පැය 4 සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6. විදුලිය කප්පාදු වනු ඇත.
- MNOXYZ ප්‍රදේශ සදහා – උදේ 5.30 සිට 9 දක්වා පැය 3 යි මිනිත්තු 30 ක් සහ සවස 4 සිට 6 දක්වා පැය 2 ක් විදුලිය කප්පාදු වේ.