විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර විදේශී රටවල පුරවැසි භාවය සහිත පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට එන්නට අවස්ථාව සැලසීම මේ ඇති වී තිබෙනා අර්බුදයට ප්‍රධානම හේතුව බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වූ ජාතික එකමුතුව සහභාගීත්වයෙන් “යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කථිකාවත“ සම්මන්ත්‍රණය අද (30) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවති අවස්ථාවේදී ය.
රටේ ආර්ථිකය දරුණුව කඩා වැටී උද්ධමනය දිනෙන් දින ඉහල යන මෙවන් වකවානුවක ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත්, මහපාරේ උද්ඝෝෂණය කර මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“මෙවන් වාතාවරණයක් ඇති කිරීමට ආගමික කොටස් ඒකරාශී වූ බව නොරහසක්. අපට හැඟෙන ආකාරයට රටක් ලෙස එකමුතු වෙලා ඉදිරියට යන්න නම් නායකත්වයට සුදුසු පුරවැසියන් නායකත්වයට පත් කළ යුතු වෙනවා.“ උන්වහන්සේ කීහ.