අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිහින ලෝකවලින් බැස විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට දැන්වත් ඇහුම්කන් දෙන්න – ලංවිම ඉංජිනේරුවරු…

පුනර්ජනනී බලශක්තියෙන් රටක පූර්ණ බලශක්ති අවශ්‍යතාවය හදන්න හිතුවොත් කාබනික ගොවිතැනෙන් ලද ප්‍රතිපලයම රටට ලැබේවි...

by editor
මාර්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පුනර්ජනනී බලශක්තියෙන් මුලු රටකම බලශක්ති අවශ්‍යතාවය සැපයිය හැකියැයි විශ්වාස කිරීමත් කාබනික ගොවිතැනින් රට සශ්‍රීක කළ හැකියැයි විශ්වාස කර ලබා ගත් ප්‍රතිඵලත්  අතර වෙනසක් නැතැයි විදුලි ඉංජිනේරුවරු පවසති.

ක්ෂේත්‍රයක ප්‍රවීනයන්ගේ දැනුම විශේඥතාවය සහ නිපුනත්වය සහිත වෘත්තීකයින් විසින්    ඉදිරිපත් කරන සැලසුමක් පිළිගත නොහැකි නම් එය ව්‍යසයක් බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදුවුනේත්, විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන්නේත් එය බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම විදුලිබල ගැටලුව පිටුපස ඉංජිනේරු මාෆියාව සිටින බවට මතුවී ඇති චෝදනාව සම්බන්ධයෙන්  අප කළ විමසුමකදී විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ලංකාසරට පැවසුවේ දැන්වත් මේ සිදුවෙමින් ඇති අර්බුදය මේ රටේ ජනතාව තේරුම් ගත යුතු බවය.

විදුලි ඉංජිනේරුවන් මේ අර්බුදය ගැන කීවේ මීට වසර හතරකට පෙර බවත් ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ දැන් පැය දහයක් විදුලිය කපනවානෙ. චෝදනා කරන අයගෙන් අහන්න තියෙන්නෙ අපි මොනවද කරලා තියෙන්නෙ කියලා.  සාම්පූර් බලාගාරය නැවැත්තුවෙ අපි ද?. පහුගිය ආණ්ඩුවෙ ජනාධිපතිවරයා.     නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය  නැතිනම් දැන් මේ ලැබෙන    පැය 14 හො 15 විදුලිය  ලැබෙන්නෙ නෑ.“

පහුගිය රජය කාලෙ එකම විදුලි බලාගාරයක්වත් හැදිලා නෑ.  මේ ආණ්ඩුවත් හරි දෙයක් කරන බව පෙනෙන්නෙ නෑ. අඩු වියදම් ලොකු බලාගාරයක් හදන්න අවුරුදු පහක් හයක් යනවා. එක බලවතෙකුගෙ වචනයකට ඒ සැලසුම් අතරමග නවතින්න පුලුවන්. සාම්පූර් ගල් අඟුරු බලාගාරය නැවත්තුවා. කෙළවරපිටිය  පවර්ප්ලාන්ට් එක ආවෙත් නෑ. දැන් අපි  විඳින්නෙ එහි ප්‍රතිඵල.

අපට බනින එක හැමදාම බනිනවා. අපට ඒක පුරුදුයි. දැන් උනත් ජනතාව දැන්වත් තේරුම් ගතයුතුයි වෙන්නෙ මොකක්ද කියලා.

ඔහු වැඩිදුරටත් කීවේය.  විදුලි ඉංජිනේරුවරුන්ට වැඩි වශයෙන් චෝදනා එල්ලවන්නේ සුනිත්ති බලශක්තිය ලබා ගැනීමට බාධා කිරීම නිසා නොවේදැයි අප විමසූ පැණයට ඔහු පිළිතුරු දුන්නේ  පුනර්ජනනී බලශක්තිය භාවිතා කිරීම ඉතා වැදගත් නමුත් ලෝකයේ කිසිම රටක් එම බලශක්තිය මුල් කරගෙන විදුලි සම්පාදනය  නොකරන බවය.

“දැන් බලන්න  සූර්ය බලයෙන් මෙගාවොට් 650ක් තියනවා. සුළං බලාගාර වලින් 270ක් තියනවා . ඒකෙන් ලැබෙන දායකත්වය කීයද?.“

“උදාහරණයක් ගත්තොත්  නොරොච්චෝලෙ මගාවොට්  810ක් තියනවා.  සූර්ය බලය 650ක් තියනවා. එහෙමනම් ප්‍රශ්නය ඉවර වෙන්න ඕන නෙ. ඇත්තටම එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි. සුළඟ ජලය, හිරුඑලිය අපට පාලනය කරන්න පුලුවන් සාධක නොවෙයි. දවසකට පැය පහක් හයක් තමයි විදුලිය නිපදවන්න පුලුවන්. ස්ථාවර විදුලි ජනකයකින් නිපදවන ප්‍රමාණයෙන් සියයට විස්සක්. සුළං බලාගාර වල 270ක ධාරිතාවක් තියනවා තමයි. ඒත් සුළං නෑ. දැන් මෙගාවොට් 20ක්වත් දවසකට එන්නෙ නෑ. ජල විදුලිය තියනවා මෙගාවොට් 1700ක්. ඒත් වතුර නෑ. එන්නේ දවසකට මෙගාවොට් 300ට අඩුවෙන්.“

ඒ නිසා සිහින ලෝකවලින් ඉවත් වෙලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කියන දේ අහලා, ඒ සම්බන්ධව විශ්වාස තියලා අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. යම් ක්ෂේත්‍රයක විද්වතුන් කියන දේ අහන්නෙ නැති අගතිගාමී ගමන ඉවර වෙන්නෙ විනාශයකින්.

හදවත් රෝගයකින් පෙළෙන ඔබ හෘද රෝග විශේෂඥයෙක් ලඟට මිසක් ගමේ කඩේ මුදලාලි ලඟට නොවෙයි නෙ.   වෘත්තිකයන් නොවිමසා විදුලිබල ක්ෂේත්‍රයෙ සැලසුම් කරන්නෙ බිස්නස් කාරයො එක්ක නම් එහි ප්‍රතිඵල ජාතියටම දරා ගන්න වේවි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිචෙල් බැචලේ චීනයට

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ඇමරිකානු පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙනත් කරගත් දේ අස්ගිරි පාර්ශවය කියයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.