සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාරක්ෂිතව පැවති ගසක් කඩා වැටී පාසල තුළ දී අවසන් ගමන් ගිය ගම්පල නොදරුවාගේ කතාව… 

by editor
පෙබරවාරි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ පුංචි පැටියා තවත් නැත. ඔහු අද දහවල් අප අත්හැර ගියේය. ඒ පාසල් වේලාවේ පාසල තුළ දී කඩා වැටුණ ගසකට යට වීමෙනි.

මියගොස් තිබුණේ ගම්පොල බෙන් හිල් ජාත්‍යාන්තර පාසලේ පෙරපාසල් පන්තියක  අධ්‍යාපනය ලබමින් සිටි මෙහොමඩ් සෙයිම් අස්වී නැමැති පස් වියැති දරුවෙකි. පුංචි අස්වී දරුවන් දෙදෙනෙකු සහිත පවුලක වැඩිමලාය.  පාසල් දිවා විවේක කාලය තුළ දී සෙල්ලම් කරමින් සිටි මේ පුංචි පැටියාගේ සිරුර මත මේ විසල් ගස කඩා වැටී තිබිණි.

අනතුරින් අස්වී මිය ගියේය. තවත් දරුවෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. එක් දරුවෙක් ගම්පොල රෝහලේය. තරමක බරපතල තත්ත්වයේ පසුවන අනෙන් නොදරුවා මහනුවර මහ රෝහලේය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසන පරිදි ගම්පොල බෙන් හිල්     ජාත්‍යන්තර පාසල   පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන්නේය. පාසලේ ගොඩනැගිලි කීපයකි.   පෙර පාසල් කොටසේ පන්ති හතරකි.

අද දහවල් පෙර පාසල් විවේක කාලය තුළ එයින් එක් පන්තියක සිටි ළමුන් තිස් එක් දෙනකු මිදුලේ  සෙල්ලම් කරමින් සිට ඇත. ඒ අතර සුළඟක් හමා ගොස් තිබේ. එම හුළඟට අනාරක්ෂිතව පැවති    කුඩු දවුල   ගසක් ළමුන් අතරට කඩා වැටී ඇත. දෙමව්පියන් පවසන්නේ පාසල් බැම්මෙන් එපිට තිබූ මෙම ගස අනාරක්ෂිතව පැවති බවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ සිද්ධිය සමගම වහාම තුවාල ලද දරුවන් ගම්පොල ශික්ෂණ රොහල වෙත ගෙන ගොස් ඇති අතර පුංචි අසවී මිය ගොස් ඇත්තේ ගම්පොල රොහලේදීමය. ඔහුව මහනුවර රෝහල හෝ වෙනත් පහසුකම් සහිත රෝහලකට ගෙනයෑමට ඉඩක් ලැබුනේ නැත. බරපතල තත්ත්වයේ සිටි තවත් දරුවකු මහනුවර ජාතික රෝහල මාරු කර යැව්වේය. අනෙක් දරුවා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබන්නේය.

වැඩිහිටියන්ගේ  නොසැලකිල්ල ද කරුමය ද දන්නේ නැත. දැන් අස්වී අප අතර නැත. තවත් දරුපැටියෙක් ලෙඩ ඇඳේ මරණය සමග සටනකය. සිද්ධිය වූ පසු අනාරක්ෂිත ගස් ගැන චෝදනා කරන මිනිස්සු මේ සම්බන්ධව මීට දිනකට කලින් අවශ්‍ය පිළියම් යෙදුවානම් පාසල් භූමිය තුළ පාසලට පැමිණි නොදරුවෙක් මිය යන්නේ නැති බව කිව යුතුව ඇත.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලකගේ උපදෙස් මත පොලිස් අදිකාරී රොෂාන් අමරසිංහ ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සෙනරත් කැකුලන්දර ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස් දා ගම් වැදුණු වන අලියෙක් පලවා හැරීමට ගිය වන සත්ත්ව නියාමකවරයෙකුට වන අලි ප්‍රහාරයක්… නිලධාරියා අසාධ්‍යව රෝහලේ…

Next Post

දිගින් දිගටම අසමත් ජාතික දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංගගේ වගකීම ඔස්ට්‍රේලියානු දඟ පන්දු පුහුණුකරු ක්‍රෙග් හොවාර්ඩ්ට!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.