අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තිම ඕවරයේ අන්තිම පන්දුවේ දී යන්තම් දිනුම්!…

by editor
ජනවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (14 ) පැවැත්වුන පළමු විස්සයි 20 තරගය අවසන් ඕවරයේ අවසන් පන්දුවේ දී කඩුළු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේය.

විස්සයි 20 තරගයක ඕනෑම කණ්ඩායමකට ඒ දිනය තුළ තරගයේ පන්දු 240 කළමනාකරණය කරන ආකාරය අනුව ජයග්‍රහණය කළ හැකිය. වැදගත්ම දේ අවස්ථාවන් ලබා නොදීමය. ලබන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය.

මේ තරගය තුළත් අප දුටුවේ තතනමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ය. මේ කණ්ඩායම තෝරන අවස්ථාවේ සිට ගැටලු ඇති වූ බව වාර්තා විය. එහෙත් අත්දැකීම සහිත ක්‍රිඩකයින් රැසකගෙන් කණ්ඩායම සමන්විත වූයේය. ආරම්භක පිතිකරුවන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංකය. වන් ඩවුන් පොඩි සනා හෙවත් කුසල් ජනිත්ය. ඊලඟට සධීර සමරවික්‍රමය. චරිත් අසලංකය. ඈන්ජලෝ මැතිව්ස්ය. වනිඳු හසරංගය. දසුන් ශානකය. දුෂ්මන්ත චමීරය. මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂර පිතිකරණයේ අගය.

අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨයන්ගෙන් පිරි කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම කට උත්තර නැති කළ ආකාරය දුටුවෙමු.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායමේ අලුත් කැප්ටන්  වනිඳු පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. ටිනාෂේ කමුන්හුකම්වේ සහ ක්‍රිග් එවන්ස් ඉනිම ආරම්භ කළහ. වේගවත් පිතිකරණයක යෙදුන ආරම්භක පිතිකරු ටිනාෂේ හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමග පන්දු 18ක දී ලකුණු 26ක් ලබා වේගවත් ආර්භයක් කණ්ඩායමට ලබා දුන්නේය.

නායකත්වයේ වගකීම විශිෂ්ට ලෙස ඉටුකළ නායක ශිකන්දර් රාසා දර්ශනීය ලකුනු 62ක් රැස් කළේ පන්දු 42ක දී ය. ඊට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

පන්දු ඕවර 20 අවසානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 143ක් ලබා ගත්තේය. ඒ කඩුළු 05ක් පමණක් දැවෙමිනි.

ශ්‍රි ලංකා වේගපන්දු යවන්නන් දෙපළ දැඩි ප්‍රහාරයකට ලක් වුනේය. නුවන් තුෂාර පන්දු ඕවර 4 තුළ ලකුණු 43ක් ලබා දුන්නේය. කඩුළු ලබා ගත්තේ නැත. දුෂ්මන්ත චමීර ලකුණු 38ක් ලබා දුන්නේය. ලබා ගත්තේ එක් කඩුල්ලක් පමණි. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 4 තුළ ලකුණු 16ට කඩුළු 02ක් සහ වනිඳු හසරංග පන්දු ඕවර 4 තුළ ලකුණු 19ට කඩුළු 02ක් ලැබූහ.

ලකුණු 144ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම  සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉදිරියේ කොකා ඩාන්ස් දමමින් ඇඹරුන විදිහ ගැන ප්‍රේක්ෂාගාරය කම්පා කරනු දුටුවෙමි. පැතුම් නිශ්ශංක මුහුණ දුන්නේ පන්දු 03කට ය. රිචඩ් න්ගරාවා හමුවේ ලකුණු 2කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් මේ තරගාවලිය පුරාම 27 හැවිරිදි සිම්බාබ්වේ වේග පන්දු යවන්නා වූ බ්ලෙසින් මුසාරබානි ඉදිරියේ පජාත වන ආකාරය දැක ගත හැකි විය. ලකුණු 17ක් ලබා තිබිය දී ඔහු මුසාරබානිට ගොදුරු විය.  එකම ඕවරයේ එක්පන්දුවක ලබා දුන් අවස්ථාව සිම්බාබ්වේ පන්දු රකින්නන් අත්හැරිය විට ඊලඟ පන්දුවේ දී දැවී යන අත්දැකීම් සහිත පිතිකරුවන් ලෝකයේ නැත. කුසල් ජනිත් ඒ ආකාරයේ වගකීම් රහිත පිතිකරණයකින් පසු වෙලින්ග්ටන් මසකඩ්සා ඉදිරියේ දැවී ගියේය. සධීර සමරවික්‍රම ලකුණු 09ක් ලබා තිබිය දී සිකන්ද රාසාගේ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. නව නායක වනිඳු හසරංග තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී සිකන්දරාසගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලෙ දැවටීමෙන් දැවි යන්නේ ලකුණු නොලබාය.

අපේ රටේ අපේ තණතිලි මත අපේ ප්‍රේක්ෂාගාරයක් ඉදිරියේ අපේ ක්‍රීඩකයන් සිම්බාබ්වේ වැනි කණ්ඩායමකට මේ තරම් පීඩනයට හසුවනු ඇතැයි කිවෙක් කල්පනා කළේ නැත.  පන්දු ඕවර 13ක් අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 83ට කඩුළු 06කි.

මේ බිඳවැටීම ආයාසයෙන් නවත්වා ගත්තේ හිටපු ශ්‍රී ලංකා නායකයින් දෙපළ වන ඈන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානකය. මැතිව්ස් පන්දු 38ක් තුළ හතරේ පහර 05ක් සහ හයේ පහරක් සමගින් ලකුනු 46ක් ලැබුවේය. දසුන් ශානක පන්දු 18ක දි හතරේ පහර 04ක් සමගින් පන්දු 18ක් තුළ නොදැවි ලකුණු 26ක් ලැබුවේය.

19 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී මැතිව්ස් දැවී යන්නේ ජයග්‍රහණය සඳහා පන්දු 2ක් තුළ ලකුණු 06ක් ලබා ගැනීමේ ඉලක්කය දුෂ්මන්ත චමීර වෙත ලබා දෙමිනි. දුෂ්මන්ත චමීර එම ඉලක්කය ලබා ගත්තේය. පළමු එක් දින තරගය දිනා දී රටේ විලි ලජ්ජාව බේරුවේත් දුෂ්මන්ත චමීරය. ඔහුට සහායට හිටියේ මහීෂ් තීක්ෂණය.

කෙසේ වෙතත් අන්තිම පන්දුවේ දී තරගය දිනුම්ය. ඒ දිනුමත් අපට කියන්නේ අප ඉන්න තැනය.  නැමීබියාවෙනුත් ගුටි කා පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ අප ඇඹරෙන අයුරු… ක්‍රිකට්වල තවත් අපට ඉතිරි වී ඇත්තේ අතීතයේ වික්‍රමයන්හි මතක පමණදැයි කල්පනා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩුවේ පරණ ඉන්න අය ආමි එකේ මහත්තුරුන්ටත් වලංගු නෑ… අලුතෙන් ආපු අපි පැනලා ගියේ ඒ අයගෙන් ගුටිකාලා මැරෙන්න බැරි නිසා! – පැන ගිය රැඳවියෝ කියති!

Next Post

සම්ප්‍රදායේ මෝස්තරය වෙනස් කළ උතුරේ  තෛපොංගල් වෙළෙඳපල…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.