අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.
කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.
තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.
කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ පැවසීය.
රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.







