අන්තර්වාර රජයක් හෝ මේ දැනට කියැවෙමින් ඇති ජාතික එකඟතා ආණ්ඩුවක් මේ තියන තත්වය තුළ බිහි නොවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.
ඔහු පැදිලි කළේ මේ වනවිට අන්තර්වාර පාලනයක් හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී නැති බවය. එසේ එකතුවනු ඇතැයි සිතන්නටත් බැරි බව ඔහු කීවේය.
“ ප්‍රධාන පක්ෂවල එකඟත්වයක් ඇති කිරීමට දවසකට හතර පස් වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් සාකච්ඡා කරනවා. නමුත් මේ වනවිටත් ප්‍රධාන පක්ෂවලට එකතුවෙන්න පුලුවන්කමක් ලැබිලා නෑ. “
මේ තත්ත්වය මත අන්තර්වාර ආණ්ඩුවකට යන වැඩපිළිවෙළ අසාර්ථක විය හැකි බව ඔහු කීවේය.







