විශ්වාසභංගයට ඡන්දය දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූ තරුණ කණ්ඩායමක් මීට සුළු මොහොතකට පෙර පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ සාමකාමී විරෝධතාවයක නිරත වූ පිරිසකි. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ගෙන් 12 දෙනෙකු මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බස් රථයකින් ප්‍රවාහනය කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර බස් රථය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද දක්නට ලැබේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා ආකාරය සහ ඔවුන් සමඟ යන නිලධාරීන් විරෝධතාකරුවන්ට රූගත කිරීම තහනම් කිරීමට උත්සාහ කිරීමත් සමඟ මේ උණුසුම්කාරී තත්ත්වය ඇති වී තිබේ.
අද පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ආධාරය හා මුදල් අමාත්‍යවරයා සිදු කළ විදේශ සංචිත හිඟය පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය ඇරඹී ඇත.
එලෙසම සමගි ජන බලවේගය ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග සම්බන්ධයෙන් ද සාකච්ඡා ඇරඹේ.
මේ අතර පාර්ලිමේන්තුව අවට යකඩ බට විශාල ප්‍රමාණයක් යොදාගෙන මාර්ග බාධක දමා තිබෙන්නේ අද විශ්ව විද්‍යාලය සිසු සිසුවියන් පාර්ලිමේන්තුව දෙසට පැමිණෙන බවට පැතිර ගිය ප්‍රවෘත්තිය හේතුවෙනි.
Group of protesters detained by Police near Parliament
📷 Nirashan Withanage pic.twitter.com/0HxLFN18Sj
— NewsWire 🇱🇰 (@NewsWireLK) May 4, 2022







