ඊයේ දිනයේ දී දූෂණ වංචා හෙළි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානයකර තිබුණු පුවත්පත් සාකච්ඡාවේ දී බැඳුම්කර මුදල් සිය පවුලේ අය සමග බෙදා ගත් බවට වසන්ත සමරසිංහ කළ චෝදනාව හැකිනම් අධිකරණයට ගොස් ඔප්පු කරන ලෙස තමන් අභියෝග කරන බව අද (04) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
මේ ප්‍රකාශය කිසිම සත්‍යතාවයක් නොමැති මෙම පට්ටපල් බොරුවක් බව ඊයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා කොළඹ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී අද ජනතා විමුක්ති පෙරමුණට මෙම අභියෝගය කළේය.
“ ඔය චෝදනාව ඔප්පු කරන්න පුලුවන් ලිපි ලේඛන තියෙන්නෙ ඔවුන් ලඟ. මා ලඟ නොවෙයි. ඒ අනුව නඩු පවරන්න. නඩු පවරලා ඔප්පු කරන්න කියලා මා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරනවා.“
“ මා මේ ප්‍රකාශයට අපහාස නඩුවක් දාන්න යන්නෙ නෑ. අපහාස නඩුවක් දැම්මොත් අවුරුදු 10ක් වත් යනවා කියලා නිතිඥයො පෙන්වා දීලා තියනවා. අපරාධ පරීක්ෂණයට හෝ පොලිස්පතිට වහාම ඉදිරිපත් කර අදාල පියවර ගන්න කියලා මා ඔවුන්ට යෝජනා කරනවා.“