නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මේ අනුව නියෝජ්‍ය කතා නායක වරයෙක් පත් කරගැනීම හෙට සිදුකරගැනීමට නියමිතය.
ඒ සඳහා මේ වනවිට ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වී ඇති අතර අද දහවල් වනතෙක් වෙනත් නමක් ඉදිරිපත් වී නොතිබිණි.
කෙසේ නමුත් බාකීර් මාකර්ට අමතරව පොදුජන පෙරමුණෙන් ඩාලාන් පෙරේරාගේ නම ඉදිරිපත් කිරීමට නියමිතය ඇතැයි වාර්තා වේ.
නම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබුණහොත් ඡන්ද විමසීමක් සඳහා යෑමට සිදුවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.