ශ්‍රියානි විජේසිංහ –
අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රතිකාර කටයුතු දිනකට සතුන් 10ට පමණ සීමා වී ඇතැයි එහි ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
සාමාන්‍යෙයන් පශු වෛද්‍ය වාට්ටුවල දෛනිකව සතුන් 60-70ට ප්‍රතිකාර ලබා දුන්නද වර්ජනය හේතුවෙන් රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීම අඩාල වී ඇති බව මහාචාර්යවරයා පවසා සිටියි.
වර්ජනය ආරම්භ වූ දින සිට පශු වෛද්‍ය ඒකකයේ එක්ස්කිරණ පරික්ෂණ, මුත්‍රා පරික්ෂණ, රුධිර පරික්ෂණ, ඩිජිටල් පරික්ෂණ, සියල්ල ඇනහිට ඇති බැවින් සතුන්ට නිසි ප්‍රතිකාරයන් ලබාදීම හා රෝග නිධානයන් හදුනා ගැනීම දුෂ්කර වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් මහාචාර්යවරුන් වැඩ වර්ජනය නොකලද ශිෂ්‍යයන්ට දේශන පැවැත්වීමට නොහැකි නමුත් පශු වෛද්‍ය වාට්ටුවට පැමිණ සතුන්ට ලබා දෙන ප්‍රතිකාරයන් පිලිබඳව දැනුම ලබා ගත හැකි බවද දන්ගොල්ල මහතා සඳහන් කරයි.
වැඩ වර්ජනය හේතුවෙන් විදුලිය බිදවැටීමක් සිදුවුවහොත් එය යථා තත්තවයට පත් කිරිමක් නොකරන බවට වෘත්තීය සමිති දැනුම් දී තිබෙන බැවින් ශිතකරණයන් තුල බහා පවතිනා අත්‍යවශ්‍ය නියැදි වර්ග විනාශ වන බවත් මෙය විශාල ගැටලුවක් මෙන්ම ශිෂ්‍යයින්ගේ අධ්‍යයන කටයුතුවලට බරපතල පහරක් වදින බවත් මහාචාර්ය දංගොල්ල පවසා සිටියි.







