බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාසනික ගරු භාණ්ඩ ව්‍යාජ ලෙස සකස් කරන වෙළදුන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන්න

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය, කොබවක ධම්මින්ද නාහිමියෝ වගකියවුත්තන්ගෙන් ඉල්ලති.

by Lankasara News
මැයි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
මත්තල නුවන් ජයසේකර

මේ එළඹ තිබෙන වෙසක් සමය ඉලක්ක කරගෙන අටපිරිකර ඇතුළු ශාසනික ගරු භාණ්ඩ කිසිදු ප්‍රමිතියකින් තොරව ව්‍යාජව සකස් කර බෞද්ධ ජනතාවට අලෙවි කිරීමේ ජාවාරම් පිලිබදව තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් තිබෙනවා.එහි ආසන්නතම සිදුවිම පසුගිය 14 වන දින කතරගමදී අපට වාර්තා වුණා.ඒ නිසා මහා සංඝරත්නය ලෙස අප වගකිවයුතු පාර්ශව වලින් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවරගෙන ජාවාරම් කරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන්න පියවර ගන්න කියලා යැයි ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක,ආචාර්ය,කොබවක ධම්මින්ද නාහිමියන් පැවසිය.

උන්වහන්සේ මේ බව පැවසුවේ කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේදී ඊයේ (15) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මේසේද පැවසිය.

කතරගම පුදබිමට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් පසුගිය කාලේ සිටම මට විවිධ පැමිණිළි ආවා මේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා.ඒ අනුව මම මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය හා කතරගම පොලිසිය දැනුවත් කලා.ඒ අනුව ඔවුන් ඉතා සාර්ථක ලෙස මෙම ජාවාරම්කරුවන් නිතියේ රැහැනට හසුකර ගැනිමට කටයුතු කර තිබෙනවා.එහිදී එම ජාවාරම්කරුවන් කතරගම පුදගබිමට ගෙනවිත් තිබූ ප්‍රමිතියකින් තොර ව්‍යාජව සකස් කරන ලද අටපිරිකර 150ක් පාරිභෝගික අධිකාරිය හා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.එම අටපිරිකර අපත් පරික්ෂා කර බැළුවා.ඇත්තටම ඒවායේ අටපිරිකට අඩංගු දේවල් තිබ්බේ නෑ.අටපිරිකරක් කියන්නේ තනිපට සිවුර,දෙපට සිවුර,අදනය,පාත්‍රය,දැලිපිහිය,ඉදිකඩු නූල් බෝල,පෙරහන්කඩය හා බද පටැය අඩංගු විය යුතුයි.නමුත් මේ පරීක්ෂා කල අටපිරිකර වල මේවා නිසි පරිදි කිසිවක් අඩංගු වුනේ නැ.ඒවායේ තිබුණේ පරණ සිවුරු කෑලි,කාඩ්බෝඩ් හා කිසිදු භාවිතයකට ගත නොහැකි දිරා ගිය යකඩ පාත්‍ර.ඇතැම් අටපිරිකර වල තිබුනේ එකම එක නානකඩයක් විතරයි.අනිත් සියල්ලම කාඩ් බෝඩ් තමයි තිබුණේ.ඉතින් මෙහෙම ශාසනික ගරු භාණ්ඩ එක එක කඩකාරයන්ට ඕනි ඕනි විදියට කූට ලෙස ව්‍යාජව සකස් කර අලෙවි කිරිමට දීමට හැකියාවක් නෑ.ඒ නිසා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ මෙවැනි වංචනික ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න කියලයි.ඒ වගේම පූජා භාණ්ඩ අලෙවි සැල් පරික්ෂාවට ලක් කරන්න කියලයි.ඒ වගේම සමස්ථ අපේ හාමුදුරුවරුන්ගෙනුත් මම ඉල්ලිමක් කරනවා අපේ දායක කාරකාදින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා.අෂ්ඨපාරිස්කාර පූජාව කියන්නේ සැදැහැවතෙකුට පහසුවෙන්ම සිදුකරන්න පුළුවන් අටමහ කුසල කර්මයන්ගෙන් එකක් විදියටයි සැළකෙන්නේ.ඉතින් අටපිරිකරට අඩංගු වෙන්න ඕනේ මොනවද කොහොමද ඒක හදන්න ඕනේ කියලා අද තීරණය කරන්නේ මේ විවිධ කූට ව්‍යාපාරිකයන්.ඒ නිසා වහාම මෙය නැවැත්විය යුතුයි.කතරගම පුදබිම අවට මෙන්ම අනෙකුත් විහාරස්ථාන අවට තියෙන පුජා භාණ්ඩ අලෙවි සැල් කඩිනමින් පරීක්ෂාවට ලක් කරලා එවැනි ව්‍යාජ ලෙස ප්‍රමිතියකින් තොරව සකස් කර ඇති අටපිරිකර අලෙවිසැල් වලින් ඉවත් කිරීමටත් කටයුතු කරන්න පියවර ගන්න කියලා මම ඉල්ලනවා.ඒ වගේම සැදැවතුන්ටත් අටපිරිකරක් මිළදි ගන්න කලින් එය පරීක්සා කිරිමට අයිතියක් තියෙනවා යැයි උන්වහන්සේ පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිවිත බිල්ලට ගෙන කළ බිහිසුණු ඖෂධ මගඩියේ තරම විගණනය හෙළි කරයි…

Next Post

අනධ්‍යයන සේවක වර්ජනයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය අංශය පතුවුන අසීරුතාවය මහාචාර්යයවරු කියති!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.