දිවයිනේ ප්‍රදේශ කීපයකට මේ වනවිට ඇති වී ඇති ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 3244 ක් මේ වනවිට පීඩාවට පත්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2600 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13 ක පුද්ගලයින් 50 රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාව 151ක පුද්ගලයින් 594 ක් පීඩාවට පත් වී ඇති බවය.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.







