දිනසේන රතුගමගේ –
අධික ලෙස මත්ද්‍රව්‍යයක් ශරීර ගත වීම නිසා මන්නාරමේ තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව අද 31 දා මියගොස් තිබේ.
රාත්‍රියේදි මිතුරන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කොට වාහනයකින් ගමන් කරමින් සිටියදී තරුණයින් දෙදෙනෙකුට හෘදයාබාධ වැළදී ඇති අතර ඔවුන් දෙදෙනාම මන්නාරම රෝහලට අතුළැත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම පේසාලේ පදිංචිව සිටි 35 හැවිරිදී රිෂාර්ඩ් මව්ෂාඩ් නැමැත්තෙකු හා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මහේන්ද්‍රන් ප්‍රදීප් යන අයෙකි.
තරුණයින් දෙදෙනා පානය කළ මත්ද්‍රව්‍ය විශේෂය හා සිද්ධිය පිළිබදව වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන මන්නාරම පොලීසිය මියගිය තරුණයින් දෙදෙනා සිටි වාහනයේ ගමන් කළ තවත් තරුණයින් දෙදෙනෙකු ද වාහනයේ රියදුරු හා වාහනයද අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.







