ශ්‍රි ලංකාවේ රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියපදිංචි කිරීමකින් හෝ අනුමැතියට ලක් කිරීමකින් තොරව මෙරට තුළ භාවිතයට ගැනීම පිළිබඳ පවතින උත්සාහයන් පිළිබඳව සිය අවධානය යෙමු කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය එම කටයුත්තට ඉඩ නොදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. එම සංගමයේ ඖෂධ පිළිබඳව කමිටුව අග්‍රාමාත්‍යවරයාට වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත්තේ ජාතික ඖෂධ නියාම අධිකාරිය විසින් මේ වනවිට ස්ථාපනය කර ඇති නෛතික රාමුවට අනුකූලව ශ්‍රි ලංකාව තුළ ඖෂධ මිලදී ගැනීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවිය යුතු බවය.
එම ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සහ ලේකම් මහාචාර්ය ප්‍රදීපා ජයවර්ධන ගේ අත්සනින් යුතු මෙම ලිපිය ඊයේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇත. එයින් මෙම කමිටුව පවසන්නේ ශ්‍රි ලංකාවේ දැනට පවතින ඖෂධ හිගයට ප්‍රධාන හේතුව, පවතින ආර්ථික අර්බුදය මත විදේශ විනිමය හිඟය හේතුවෙන් නිසි කලට වෙලාවට ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටත් පෞද්ගලික ආනයනකරුවන්ටත් හැකියාවක් නොමැති බවය. මෙම තත්ත්වයට ජතික ඖෂධ නියාමන අධිකාරියේ බලපෑමක් නොමැති තර ඔවුන් පවතින අර්බුදකාරී අවස්ථාවෙදී සක්‍රියව ඊට අදාල පියවර සඳහා එලඹී ඇති බව මෙම වෛද්‍ය කමිටුව අගමැතිවරයා වෙත සහතික කර ඇත. අවශ්‍ය විදේශ සංචිත ප්රමණනවත් ව පවතී නම් මෙම හිගයට අදාල සියලුම අනුමත කළ සහ ලියාපදිංචි කළ ඖඹධ වහා ගෙන්වීමේ හැකියාවක් ඇති බවද ඔවුන් අවධාරණය කර තිබේ.







